(චන්ද්‍රසේන ගමගේ)
මේ වනවිට වත්මන් රජය හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් අක්කර 6500ක් චීනයට හා සයිප්‍රසයට විකිණීමට සූදානමින් සිටින බවත්, මේ රටේ ජනතාවගේ පාරම්පරික බිම් කඩවල් සුද්දන්ට විකුණා දැමීමට එරෙහිව හම්බන්තොට ජනතාව සමග පාරට බහින බවත් සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න මහතා අද (30) සවස හම්බන්තොට මයුරපුර ප්‍රදේශයේ පැවති ජනහමුවකදී පැවසීය.
‘‘කොකෝවා වැවීම සඳහා තිස්සමහාරාම ප්‍රදේශයේ ගොවි ජනතාවගේ ඉඩම් අක්කර 1500 ක් සයිප්‍රසයට දෙන්න හදනවා. ඒ වගේම හම්බන්තොට වරාය විකුණා දැමීමෙන් නොනැවතුණු ආණ්ඩුව හම්බන්තොට ජනතාවගේ ඉඩම් අක්කර 5000ක් චීනයට පවරන්න සැලසුම් සකස් කරමින් යනවා. මේ වන විට මහවැලි බලප්‍රදේශයට අයත්ව තිබූ ඉඩම් ආණ්ඩුව නාගරික සංවර්ධන අධිකාරියට පවරා තිබෙනවා. කරගහමුල්ල, ආරබොක්ක, සල්මල්යාය, කටුවැව යන ගොවිබිම් ප්‍රදේශවල ජනතාවගේ ඉඩම් මේ අනුව ජනතාවට අහිමි වී යාමේ අවධානමක් තිබෙනවා‘‘ යැයි පැවසීය.
‘‘මේ ආණ්ඩුව මේ රටේ භාරකාරයෝ මිසක් අයිතිකාරයෝ නෙමෙයි. රනිල් වික්‍රමසිංහ හිතාගෙන ඉන්නේ මේ රට එයාට සින්නක්කර ඔප්පුවකින් ලියලා දීලා කියලා. මේ ගොල්ලෝ සමහර විට බලයේ ඉන්නේ තව මාස 4ක් පමණයි. මේ ආණ්ඩුවට බලයක් දීලා තියෙන්නේ අවුරුදු 5කට පමණයි. එහෙම බලයක් දීපු ආණ්ඩුවක් කොහොමද බහුජාතික සමාගම් වලට මේ රටේ ඉඩම් සදාකාලිකව විකුණන්න හදන්නේ...“ යැයි වැඩිදුරටත් සඳහන් කළේය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එතකොට "උප ලේඛණයේ සවිස්තරව දක්වා ඇති දේපල, එකී ගැණුම්කාර ෂැන්ග්‍රීලා හොටෙල්ස් ලංකා (ප්‍රයිවට්) ආයතනයද, එහි උරුමක්කාරයන්ට හා පොල්මඃකාරයන්ට හා ඇඩ්මිනිස්ත්රාසිකාරයින්ට හා ලැබුම්කාරයින්ට මෙයින් අයිතිකර, හිමිකර පවරා දෙම්හ." කියලා වික්කේ බාරකාරයින්ද? අයිතිකාරයන්ද?
225 හෙන් 200කට වඩා ඉන්නේ තිරිසනුන් ළඟවත් නැති ගති තියන අයයි... ඔවුන්ට රට නෙමෙයි, අම්මාවත්.. ළමයිනුත් විකුණන්න පුලුවන්.. තියෙන ඒවා විකුණගෙන කනවා ඇරෙන්න උන්ට වෙන න්‍යායක් ගැන හිතන්නවත් බැහැ...
ලොක්කා ගම්මිරිස් ... ගම්මිරිස් ...ගම්මිරිස්..!!!
1994ත් 2015ත් අතර කාලයේ ගම්පොල කුඹුරු යායක්ම රුපියල් දහස් ගණන් මිලට අන්‍ය ජාතිකයෙකුට විකිණීමට සැලැස්වූ දේශපාලුවෙක් සිටියා කියා දන්නවාද? මිලට ගත් තැනැත්තා එය ගොඩකර එම ජාතියේ අයටම මිලියන ගණන් වලට විකුණුවා කියා යුෂ්මතා දන්නවද? අහිංසකයෙකුට පැලක් අටවා ගැනීමට කුඹුරක් ගොඩකර ගැනීමට නොහැකි කාලයේ කෘෂිකර්මය ගැනම කියන යුෂ්මතා ඒ ගැන දන්නේ නැද්ද?
නාමල් අයියේ. කැම්පස් එකේ සීනියර් අයිය කෙනෙක් විදියට එදා අපි දුටු ඔයා අද දකිද්දි ඇත්තටම කණගාටුයි. ඡන්දෙ එපා කියල උසාවි ගිහින් මේ ආණ්ඩුව රැකගත්තෙ ඔයාගෙ ලොක්කො. දැන් විලිලැජ්ජැවක් නැතුව තමන් රැකගත්තු ආණ්ඩුවෙ වැරදි කියන්න වෙලා නේද.
බයිලා.... තමන්ගේම ආණ්ඩුවක් තියාගෙන අපට වැදී බණ කියනවා. මිනිස්සුන්ව රවට්ටන්නේ නැතිව හාමුත් එක්ක කතා කරලා බලන්න.
එතකොට ශැංග්‍රිල්ලා හෝටල සමාගමට අක්කර 1400ක් දෙනකොට එ්ක පාරම්පරික ඉඩම් නෙවේද? දණ්ඩ ඇහැරුනේ අනෙක් පළාත්වලත් ඉඩම් පිටරට වලට දුන්නේ තමුන්ගෙන් අහලද විල්පත්තුව කැලේ කපාගෙන මුස්ලිම් ගම්මානවලට දුන්නේ තමුන්ගෙන් අවසර අරගෙනද? එදා පාරට බහින්න පාරක් තිබුණේ නැද්ද?
එතකොට ගෝල් ෆේස් එක? එක විකුණලා නැද්ද?
එක වෙලාවක කියනවා නාගරික සංවර්ධන අධිකාරියට පවරලා කියලා,ඊට පස්සේ කියනව චීනයට දෙනවා කියලා, ඊටත් පස්සේ කියනවා බහු ජාතික සමාගමකටලු දෙන්නෙ කියලා. ඇත්තක් නම් කියන්නෙ මෙහෙම පරස්පරයක් එන්නේ කොහොමද?
මහින්ද අක්කර 10000 ක් සින්නක්කර දෙනකොට ඔය කට වහගෙනද හිටියේ?
රට කරවන කවුරුත් එකයි...... මුන්ට පාඩමක් උගන්වන්න එකෙක් නැහැනේ .......
විදේශීය ආයෝජකයින්ට අවශ්‍ය ඉඩම් ලබා නොදෙන්නේ නම්, ඔවුන් රටේ ආයෝජන සිදු කරන්නේ අහසේද? අද රටේ රැකියා බිහි කිරීමට විදේශීය ආයෝජන අවශ්‍යයි. මේවා නිකම් දේශපාලන වාසි ලබා ගැනීමට කරන පුහු ප්‍රකාශන පමණයි.
මොවුන් වාගේ එළොවටත්, මෙළොවටත් නැති කාලකන්නි තමයි රට වනසන්නේ... මොවුන් මේ ගොවියන් ඉස්සරහ රජ වෙන්න හදනවා. අපිත් රටේ දේපල කිසිම කෙනෙකුට දෙනවට අකමැතියි.. නමුත් මුන් මේ නැට්ට දෙපරන්දේ ගහගන රටේ ඉඩකඩම් ප්‍රකෝටි ගාණක අක්කර දහස් ගාණක් ලෝකේ වටේ ඉන්න උන්ට සින්නක්කර පුදනකල බලා ඉඳලා දැන් එක එකාගේ දේශපාලන වාසි ගන්න උන්ට කඩේ යනවා...