
(අජන්ත කුමාර අගලකඩ)
ආණ්ඩුවේ පක්ෂ නායකයන්ගේ හදිසි රැස්වීමක් අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේ අගමැති කාර්යාලයේදී පවත්වා ඇත.
ජීනීවා මානව හිමිකම් ප්‍රශ්නය සම්බන්ධයෙන් සහ විමල් වීරවංශ ඇමතිවරයා පිළිබඳව ආණ්ඩුව තුළ ඇතිව තිබෙන මතභේදය සම්බන්ධයෙන්ද එහිදී සාකච්ඡා වී ඇතැයි වාර්තා වේ.
දිනේෂ් ගුණවර්ධන, ජොන්ස්ටන් ප්‍රනාන්දු, මහාචාර්ය ජී.එල්. පීරිස්, වාසුදේව නානායක්කාර, විමල් වීරවංශ, උදය ගම්මන්පිල, මහාචාර්ය තිස්ස විතාරන, ඒ.එල්.එම්. අතාවුල්ලා, වීරසුමන වීරසේකර සහ අසංක නවරත්න යන මැති ඇමතිවරුද ඒ සඳහා සහභාගි වී ඇත.
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස්වරියගේ වාර්තාව සහ ඊට මුහුණදෙන ආකාරය සම්බන්ධයෙන් දිනේෂ් ගුණවර්ධන අමාත්‍යවරයා එහිදී පැහැදිළි කර ඇතැයි වාර්තා වේ.
මේ අතර එදින උදේ පැවැති ආණ්ඩු පක්ෂ රැස්වීමේදී තමා නොසිටි අවස්ථාවක තමා සම්බන්ධයෙන් දැඩි ඝෝෂාවක් පවත්වා ඇති බව විමල් වීරවංශ ඇමතිවරයා පක්ෂ නායක රැස්වීමේදී ප්‍රකාශ කර ඇතැයි වාර්තා වේ.
අගමැතිවරයාගේ නායකත්වය තමා හැමදාමත් පිළිගන්නා බවත්, තමා මාධ්‍යයට ප්‍රකාශ කළේ ජනාධිපතිවරයා පරිපාලනයට සීමා නොවී දේශපාලනයට සම්බන්ධ විය යුතුය යන්න බවත් වීරවංශ මහතා සඳහන් කර ඇතැයි දැනගන්නට ඇත.
ඊට පිළිතුරු දී ඇති අගමැතිවරයා, වීරවංශ මහතා කියන කාරණය තමාට තේරෙන නමුත්, නවක මන්ත්‍රීවරුන්ට ඒ සම්බන්ධයෙන් එතරම් අවබෝධයක් නොමැති බවත් සඳහන් කර ඇතැයිද වාර්තා වේ.
කෙසේ වුවත් පක්ෂ නායක රැස්වීමේදී ආන්දෝලානාත්මක කිසිවක් සිදුවී නැති බවද දැනගන්නට ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
"අපිට කෙළවෙන්නයි යන්නේ. හොරාගන්න පුළුවන් හැමදෙයක්ම අරගෙන පොදි බැඳ ගනිල්ලා. ඊළඟ සිග්නල් එක ආවාම සීෂෙල්ස් පැත්තට පනිමු. එහෙ මගේ දූපතකුත් තියෙනවා.. ටික දවසක් එහෙ සද්ද නැතිව ඉඳලා ඒ රට අල්ලාගනිමු. කොහොමත් ලබන අවුරුද්දේ චීනා මේ රට අල්ලා ගන්නවා. ඒක මට චීන් චූන් කෝල් කරලා කීවා. ඉක්මනට පණ බේරගෙන සල්ලිත් අරගෙන පැනපන් " කියලා...
මහින්ද රාජපක්ෂ අගමැතිතුමනි, මේ වනවිට ඔබතුමාගේ රජය සිටින්නේ ගලක් සහ මිටියට මැදිවය. පිටතත් ගිනි, ඇතුළත් ගිනිය. ඔබතුමාට මේ අවස්ථාවේ රට වෙනුවෙන් යමක් කළ හැකිව තිබේ. මේ වනවිට ඔබතුමා දෙවරක් ජනාධිපතිව සිටියේය. 3 වරක් අගමැතිව සිටි කෙනෙකි. බලයට කිසිම තණ්හාවක් නොමැති ඔබතුමාට මේ ළඟාවී තිබෙනුයේ විවේක සුවයෙන් ගතකළයුතු සහ මුණුබුරන්ගේ සුරතල් බලමින් විවේකීව ගතකළයුතු කාල පරිච්ඡේදයට වේ. අනෙක ඔබතුමා තවකල් අගමැතිව සිටිය හොත් මේ වනවිට ඔබතුමාට සහ රාජපක්ෂලාට ලැබී තිබෙන ගෞරවය 0ට වැටෙනවාමයි. එමනිසා ඔබතුමාට කළහැකි යමක් තිබේ. එනම් ඔබගේ අගමැතිධුරය සජිත් ලබාදීම වේ. ඕනෑම වෙලාවක ගෝඨාභය ජනාධිපති සමග වැඩ කිරීමට ඔහු සූදානම් බව සහ රටේ ආර්ථිකය ගොඩනැගීමේ හැකියාව ඔහුට ඇතිබව ඔහු කියා සිටි. ඔබ අනාගතය දකින නායකයකු නම් රාජපක්ෂ පරපුරේ අනාගතයද හොඳින් සලකාබලා අගමැතිකම සජිත්ට දී ඔහුටත් ක්‍රියාවෙන් යමක් කළහැකිද කියා උරගා බැලීමට මේ පැමිණ තිබෙන්නේ එයට සුදුසුතම අවස්ථාව වේ. එසේ උවහොත් ඉදිරි වසර දෙක තුළ සජිත් ගේ සමත්, අසමත් බව රටේ ජනතාව තේරුම් ගනු ඇත. ඔහුගේ සිහිනය ඉක්මණින්ම තනතුරු සහ නායකයකු වීමවේ.
ඕවාට කියන්නේ සංදර්ශන කියලා. මිනිස්සුන්ගේ එදිනෙදා ප්‍රශ්න අමතක කරන්න නම් මරු...
විමල් මැතිඳුගේ කතාව ඇත්ත, පිහිනුම් පාසලේ විදුහල්පතිතුමා තම කාර්යාලයට පමණක් සීමා නොවී ඉඳහිටවත් පිහිනුම් තටාකයට බැස ඒ අත්දැකීමුත් ලබා ගැනීමත් සුදුසුයි. එතුමා අධ්‍යාපන පරිපාලන සේවයේ රාජකාරිවලට පමණක් සීමා නොවිය යුතුයි.
මානව හිමිකම් රැස්වීමට වීරවංශ, සරත් වීරසේකර යවන්න. ලංකාවේ අයට මෙහෙම දැනුනට ලෝකෙ මතය එහෙම නොවෙයි. මානව හිමිකම් වාර්තාවේ පිටු 17, කින් පිටු 2 1/2 යි යුද්ධය ගැන. අනිත් සේරම වසරක් ඇතුළත ගෝඨාභය කරපුවා.. ස්වාධීන කොමිෂන් අහෝසිය, විනිසුරු පත්කිරීම තම අතට ගැනීම, සිවිල් පරිපාලනයට හමුදා අය පත් කිරීම, වගේ දේවල්, බලය තහවුරු කරගැනීමට කළ මුග්ධ ක්‍රියාවලින් රට මිලේච්ඡත්වයකට ඇද දමා ඇත.