
(මුදිතා දයානන්ද)
ආණ්ඩුවේ තහනම අපි පිළිගන්නේ නැහැ. ජාත්‍යන්තර කම්කරු දින සැමරුම අපි අනිවාර්යයෙන්ම පවත්වනවා යැයි ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා පවසයි.
ජේ. ආර්. ගේ මැයි දින තහනම නොපිළිගත් වැඩකරන ජනතාව මේ ආණ්ඩුවේ අර්බුදය වහගන්න පනවන තහනම් පිළිගන්න සුදානම් නැති බවද සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට යටත්ව මැයි දින සැමරුම පැවැත්විමට තම පක්ෂය සියලු කටයුතු සුදානම් කර ඇති බවද ඔහු පැවසීය.
දිසානායක මහතා මේ බව සඳහන් කළේ පැලවත්තේ පිහිටි ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේදි පැවති මාධ්‍ය හමුවකදීය.
ආණ්ඩුව මෙම තීරණය ගනු ලැබුවේ තමන් සමග සිටින පක්ෂ අතර පවතින අර්බුදය සමාජගතග විම වැළැක්වීමට බවද එය තම පක්ෂයට අදාල නොවන බවද ඔහු පැවසීය. මෙම තීරණයට සියලු පක්ෂ එකගයැයි ආණ්ඩුව සටකපට ප්‍රකාශයක් කළද තම පක්ෂය එයට එකග නැති බව ප්‍රකාශ කළ බවද ඔහු පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ වගේ අයට නාස් ලණුම තමා දාන්න වෙන්නේ.
ඔලුවක් නැහැ... !!!
ඔය 30ක්, 40ක් පෙළපාලි ගියාට ඒ තරම් ප්‍රශ්නයක් වෙන එකක් නැහැ. ආණ්ඩුව තහනම දාලා තියෙන්නේ විශාල පිරිසක් රැස්වන සැමරුම් පෙළපාලිවලට...
හම්මො සැර... කම්කරු පොකුර...
ප්‍රශ්නයක් නැහැ සහෝදරයා. එ්ත් කොරෝනා වයිරසය දන්නේ නැහැ... ඕක මැයි දිනයද? නැතිනම් සාමාන්‍ය සතියේ දවසක්ද කියලා....
දේශපාලන මත වෙනයි. ආවේගශීලී වෙලා මනුස්ස ජීවිතත් එක්ක සෙල්ලම් කරන එක නම් ඒ තරම් හොඳ දෙයක් නම් නොවේ. පේනවනේ කියන දේ ගණන් නොගෙන අවුරුදු සමරලා දැන් ආයේ කොරෝනා වැඩි වේගෙන එන හැටි. අසල්වැසි ඉන්දියාවේ වෙලා තියෙන හැටි පේනවනේ දැන්...
කුහක මිනිස්සු
ඒ කියන්නේ, ජේවිපි යනු ශ්‍රී ලංකාවේ නීතියට යටත් නොවන පිරිසක් බවයි. විද්‍යාත්මක සෞඛ්‍ය නීති වලට අනුකූල නොවන බැවින් ඔවුන් ගෝත්‍රිකයන් පිරිසක් බවද හෙළි වෙනවා.
ඔව්. ඊට පස්සේ කියාපල්ලා සර් ෆේල් කියලා. ආණ්ඩුව කොරෝනා මර්ධනයට පියවර ගත්තේ නැහැ කියලා. මෙයාලගේ මේ කුහකකම් නිසා තමයි 3ට බැස්සේ. දැන් 1ට බහිනවා.
ආ.... පොඩි වැරදීමක්, ආණ්ඩුව තහනම් කළේ රටේ මහජනතාව ඒකරාශි විය හැකි උත්සව හා රැළි පමණයි. එසේ නොවන ලෙස රැළි පැවැත්වූවාට ගැටලුවක් නැහැ.
ලෝකයම කොරෝනා වසංගතයෙන් පීඩා විඳින කාලෙක සෞඛ්‍ය හේතූන් මත මේ දින නොපැවැත්වෙන ලෙස කියා ඇත. එයට වෙනත් අර්ථයන් දෙන 3% කවත් ජනබලයක් නැති නියම නායකයෝ...
තහනමක් රජයෙන් දාපු නිසා මිනිස්සුන්ට ගහලා ගිහින් කූඩු කරයිද දන්නේ නැහැ. යනවා නම් කෝවිඩ් නීති, රෙගුලාසි හරියටම පිළිපදින්න වෙනවා. කොහොම වුණත් මේ වෙලාවේ ටිකක් අවදානම්... සූදානම් ශරීරයෙන් ඉන්න ඕනේ... කොහොම වුණත් පරෙස්සමෙන්...
ඔබට රටේ නීතිය අදාළ නැති වුණාට එසේ නීති කැඩීමෙන් ඇතිව බලපෑම් අපිට අදාලයි. එමනිසා කොරෝනා තත්වයන්ට හේතුවෙන දෙයක් සිදු වූවොත් අපිට වෙනවා දේශද්‍රෝහීන් කියා නම්කර දණහිසෙන් ඉහළට උස්සන්න එපා කියන්න.