(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න )
ලබන වසර (2023) සඳහාවූ අයවැය විසර්ජන පනත් කෙටුම්පත පිළිබඳ තීරණාත්මක අවසාන ඡන්ද විමසීම ( තෙවැනි වර කියවීමේ ඡන්දය) පාර්ලිමේන්තුවේදී අද (8) පස්වරු 5.00 ට පැවැත්වේ.
රජයේ අයවැය ලේඛනයට දේශපාලන පක්ෂ ගණනාවක් දැනටමත් විරෝධය පළ කර ඇති හෙයින් එම ඡන්ද විමසීමේදී ලේඛනය ජයග්‍රහණය කරාවිද පරාජයට පත්වේවිද යන්න බොහෝ දෙනෙකුගේ කතාබහට ලක්වුණ මාතෘකාවක්වී පවතී.
අය වැය අවසාන ඡන්ද විමසීම පැවැත්වෙන හෙයින් විදේශ සංචාර සහ අනෙකුත් කටයුතු නවත්වා අද දිනයේ කොළඹ රැඳී සිටින ලෙස සියලුම පක්ෂ නායකයන් තම තමන්ගේ මන්ත්‍රීවරුන්ට දැනටමත් දැනුම්දී ඇත.
මුදල් අමාත්‍යාංශයේ වැය ශීර්ෂය පිළිබඳ විවාදය අද(8) දවස පුරා පැවැත්වේ. ඡන්ද විමසීම පැවැත්වෙන්නේ ඉන් අනතුරුවය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙම ඡන්දය මහජන මතය ප්‍රකාශ වන ඡන්දයක් නොවන බැවින් මහජනතාවට එයින් සෙතක් වෙන්නෙ නෑ. මන්ත්‍රීවරුන් හට සෙත් සැලසෙන තීරණයක් ලැබේවි.
ඕක ගොඩ දාගන්න ඕන ඡන්ද ිටික ගන්න ක්‍රමවේදය රටේ ඕනම පොඩි දරුවෙක් වුණත් දන්නව නේ.
රටට හෙණ ගැහුවත් කමක් නැහැ... තමන්ගේ නායකයා දිනන්න ඕනෑ..
මොළහතා ආපු නිසා මොකක් හරි ගේමක් ගහලා වැඩේ ගොඩදායි වගේ...!