(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

ආණ්ඩුව ඡන්දෙ දීපු අය ගෙන් පමණක් නොව නොදීපු අයගෙන්ද පළි ගනිමින් සිටින බව ජාතික ජනබලවේගයේ ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී විජිත හේරත් මහතා පාර්ලිමේන්තුවේ දී අද පැවසීය.

මේ වන විට ඉතියෝපියාවේ වත් ගෑස් පෝලිම් තෙල් පෝලිම් නැතැයි කී විජිත හේරත් මහතා කොතරම්  අහේනියක් තිබුනත් මුදල් ඇමතිවරයා අයියගේ බලය පාවිච්චි කර පාර්ලිමේන්තුව තඹ සතේකට ගණන් ගන්නේ නැතිව සිටින බවද පැවසීය.

ඉන්දියාවෙන් ,චීනයෙන් සල්ලි ගන්න විට කිසිම කොන්දේසියක් නැති බව ආණ්ඩුව කිව්වත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලින් රහසිගත යෝජනා මාලාවක් දී තිබෙන බව  බැසිල් රාජපක්ෂ මහතා පවසා තිබෙන බව කී මන්ත්‍රීවරයා මේ යෝජනා කුමක්දැයි පාර්ලිමේන්තුව දැනගත යුතු බවද සඳහන් කළේය.