IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


‘‘ආණ්ඩුවේ ඒකාධිපති ගමනට එරෙහිව සියලු දෙනා එක් විය යුතුයි‘‘

(නිමල කොඩිතුවක්කු)

ආණ්ඩුවේ ප්‍රජාතන්ත්‍ර විරෝධී, ඒකාධිපති ගමනට එරෙහිව විපක්ෂයේ සියලුම දේශපාලන පක්ෂ, සිවිල් සංවිධාන එක පෙරමුණකට එක් විය යුතුව ඇතැයි සමගි ජනබලවේගයේ කොළඹ පුරපති අපේක්ෂක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා කොළඹදී ඊයේ(26) පැවසීය.

අධිකරණය සහ ස්වාධීන කොමිෂන් සභාවල ස්වාධීනත්වය අහිමි කර ජනතාවගේ ඡන්ද අයිතියට පයින් ගසා ආණ්ඩුව ගෙන යන ඒකාධිපති වැඩපිළිවෙල පරාජය කළ යුතුව ඇතැයි ද රහුමාන් මහතා සඳහන් කළේය.

ප්‍රජාතන්ත්‍රවාදය අගය කරන දේශපාලන පක්ෂ, සිවිල් සංවිධාන, අධිකරණය, ස්වාධීන කොමිෂන් සභා සහ ජාත්‍යන්තරය මැතිවරණයක් පවත්වන්නැයි රජයට බල කරද්දි ජනපති ප්‍රමුඛ පොහොට්ටු ආණ්ඩුව මැතිවරණ මගහරිමින් සිටින බවත් පිටකෝට්ටේ පිහිටි සමගි ජන බලවේගයේ ප්‍රධාන කාර්යාලයේදී කැඳවූ මාධ්‍ය හමුවකදී ඔහු පැවසීය.

කල් ඉකුත් වූ පළාත් පාලන ආයතන සඳහා අනු කමිටු පත්කර ඒ සඳහා ආණ්ඩුවේ හෙන්චයියන් පත් කිරීමට ජනාධිපතිවරයා ප්‍රමුඛ පොහොට්ටුව ආණ්ඩුව කටයුතු කරමින් සිටින බවත් රහුමාන් මහතා කීවේය.

 



අදහස් (3)

‘‘ආණ්ඩුවේ ඒකාධිපති ගමනට එරෙහිව සියලු දෙනා එක් විය යුතුයි‘‘

ලසන්ත Monday, 27 March 2023 03:07 AM

ජනාධිපති එපා කියද්දී අයින්වෙලා ගිහිල්ලා තමන්ගෙ වරද පැහැදිලිව තියෙද්දි මෙහෙම විකාර කියවීම හරිනැහැ නේද ගොයියො

:       3       4

Peduru Monday, 27 March 2023 04:16 AM

සජබ අටවා ගෙන ගිය ගමන කෙලවා ගෙන රට මේ තත්ත්වයට පත්කිරීමට ඔබලා වග කිව යුතුය.

:       3       4

Sisira Gunasekera Monday, 27 March 2023 11:00 AM

මේවා තමයි අවුරුදු 75 ක සාපය. මුන් දේසපාලුවෝ.

:       1       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 434 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 242 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1032 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site