IMG-LOGO

2025 අගෝස්තු මස 14 වන බ්‍රහස්පතින්දා


ආණ්ඩුව ආරක්ෂා කර ගැනීමට පසුපෙළ මන්ත්‍රී සංවිධානයක්

 

(අජන්ත කුමාර අගලකඩ)

ආණ්ඩුව ආරක්ෂා කර ගැනීමට සහ ජනතාවගේ සංවේදී ප්‍රශ්න සම්බන්ධයෙන් ආණ්ඩුවේ අවධානය යොමුකරවීම සඳහා පොදුජන පෙරමුණේ පසුපෙළ මන්ත්‍රීවරුන්ගෙන් පිරිසක් සංවිධානයක් පිහිටුවීමට කටයුතු කරගෙන යන බව වාර්තාවේ.

එහි මූලික සාකච්ඡාවක් පසුපෙළ මන්ත්‍රීවරුන් 30 වැඩි පිරිසකගේ සහභාගිත්වයෙන් පාර්ලිමේන්තුවේ මන්ත්‍රී විවේකාගාරයේ අද (10 වැනිදා) දහවල් පවත්වා තිබේ.

ඇමති විමල් වීරවංශ මහතා කළැයි කියන ප්‍රකාශය සම්බන්ධයෙන්ද පසුපෙළ මන්ත්‍රීවරුන් කිහිපදෙනකු එහිදී අදහස් දක්වා ඇති අතර කැබිනට් මණ්ඩලයේ සාමූහික වගකීම පිළිබඳව සමහර ඇමතිවරුන්ට සිහිපත් කර දෙන්නට සිදුවී ඇතැයි ඔවුන් පවසා ඇත.

මේ අතර ජනාධිපති ගෝඨාභය මහතාත්, අගමැති මහින්ද රාජපක්ෂ මහතා සහ පොදුජන පෙරමුණේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ මහතාත් වෙන වෙනම හමුවී සාකච්ඡා කිරීම සඳහා අවස්ථා ලබාගැනීමට එම මන්ත්‍රීවරුන් ලිපියකටද අත්සන් තබා ඇතැයි වාර්තා වේ.

අගමැතිවරයාගෙන් සාකච්ඡාවක් ලබාගැනීමේ ලිපිය අගමැතිවරයාට අද (10) පස්වරුවේදීම බාරදී ඇති බවද ආණ්ඩුපක්ෂ ආරංචි මාර්ග වලින් දැනගන්නට ඇත.



අදහස් (7)

ආණ්ඩුව ආරක්ෂා කර ගැනීමට පසුපෙළ මන්ත්‍රී සංවිධානයක්

සේනක Wednesday, 10 February 2021 02:48 PM

නියමයි, නියමයි, පොහොට්ටුවට කඩේ ගිය වහල්ලුන්ට අනිච්ඡාවත සංඛාරා...!!!

:       0       2

siri Wednesday, 10 February 2021 03:17 PM

ඒ කියන්නේ ප්‍රශ්නය අර නාලිකා පෙන්නනවාට වඩා දරුණුයි එහෙනං

:       0       2

SANJEEWA Wednesday, 10 February 2021 05:00 PM

නුඹලාගේ නරි නාටක.... තවත් බොරු නොකර ඉල්ලා අස්වෙන්න.

:       0       1

Ratne Thursday, 11 February 2021 01:20 AM

කැබිනට් මණ්ඩලයේ සාමූහික වගකීම, යන්න භාවිතා කරමින් රටේ සම්පත් විකිණීම, කැලෑ පාළු/ වන විනාශ කිරීම, .. වැනි ජනතා විරෝධී යෝජනා සඟවා සිටින පඹයින් පමණක් ද කැබිනට් මණ්ඩලයේ සිටිය යුත්තේ...?

:       0       6

Prasad Thursday, 11 February 2021 01:36 AM

ආණ්ඩුවේ ඉන්නම හොරු තමයි.

:       0       3

සිරිබිරි Thursday, 11 February 2021 02:30 AM

ඕවාට කියන්නේ නාට්‍ය කියලා. නියමෙට රඟපානවා. මිනිස්සුන්ගේ එදිනෙදා ප්‍රශ්න අමතක කරන්න.

:       0       2

සෙනෙවිරත්න Thursday, 11 February 2021 04:11 AM

ඇයි ශාන්ත මෙහෙම වෙන්නේ? ගෝඨාභය එක්ක ඒ සෙල්ලම් බැහැ කිව්වා නේද?

:       0       5

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 82 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 793 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 369 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

Our Group Site