(රංජන් කස්තුරි)
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් මේ අවස්ථාවේදී හදිසියෙන් ගෙනඒම යෝග්‍ය නැතැයි උඩුමලගල මහින්ද ශ්‍යාමෝපාලි වංශික මහනිකායේ ශ්‍රී රෝහණ මහා සංඝ සභාවේ මහනාහිමි නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරති.
එම නිවේදනයේ මෙසේද සඳහන් වේ.
‘‘ශ්‍රී ලංකාව තුළ නව ව්‍යවස්ථාවක් ඇතිකිරීමේ කතාබහ වැඩිවැඩියෙන් සිදුවන වකවානුවකි. මේ සම්බන්ධයෙන් මහාසංඝයා වහන්සේලා හා ගිහි පින්වතුන් විවිධ අදහස් දක්වමින් එකිනෙකාට දෝෂාරෝපණය කරගන්නා අවස්ථා පවා වර්තමානයේ දැකිය හැකිය.
මේ සම්බන්ධයෙන් විවිධ කණ්ඩායම් ඇතිවීම හෝ සමාජයේ වාදභේද ඇතිකර ගැනීම ජාතික ඒකාබද්ධතාවයට ඇතිවිය හැකි හානිය තීව්රවිය හැක. වගකිව යුත්තන්ගේ වගකීම හා යුතුකම වනුයේ එවැනි තත්ව වළක්වා ගැනීමයි.
එබැවින් එවැනි තත්වයකට තුඩුදෙන නව ව්‍යවස්ථාවක් ගෙනඒමේ හදිසිය යෝග්‍ය නොවේ. එම කලබලය ඉක්මන් කොටවීමට හේතුවිය හැකිය.
විශේෂයෙන් නව ව්‍යවස්ථාවක් සඳහා ප්‍රමුඛතා හඳුනා ගැනීමටත් ඒ සඳහා සමාජයේ විවිධ තල නියෝජනය කරමින් එනම් උගතුන් වියතුන් ඒ පිළිබඳ විශාරදයන්, වෛද්‍යවරුන්, නීතීඥවරුන්, විනිසුරුවරුන්, විවිධ වෘත්තිකයින් මෙන්ම මේ රටේ ප්රබුද්ධ මහ සඟරුවන නියෝජනය කරන විශේෂ කමිටුවක් නිර්මාණය කිරීමෙන් පවතින ආණ්ඩුක්‍රම ව්‍යවස්ථානුකූලව ජනමතය අනුව එය සම්මත කරගැනීම වඩාත් නුවණට හුරු කාර්යයයි.
රටතුළ එවැනි හදිසි ව්‍යවස්ථාවකට වඩා සිංහල, දෙමළ, මුස්ලිම් ජනතාව අතර සමගිය, එකමුතුකම හා ඔවුන්ගේ ජීවන ගැටළු වෙන්වෙන් විශේෂ අවධානයක් යොමුකිරීමේ අවශ්‍යතාව අවධාරණය කරගත යුතු බැවින් ඒ ගැන නොසලකා කෝටි ගණන් ජාතික ධනය වැයකොට නව ව්‍යවස්ථාවකට යාමේ හදිසිය කෙසේවත් වගකිව යුතු සංඝ සභාවක් වශයෙන් අනුමත කළ නොහැකි බව මහාවිහාර වංශික ශ්‍යාමෝපාලි මහ නිකායේ ශ්‍රී රෝහණ සංඝ සභාව අවධාරණය කර සිටිමු.‘‘

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එතකොට අර රට බෙදන්න වලිකන ටයි මහත්තයාගේ, තවම කාටවත් නොපෙන්වපු ව්‍යවස්ථාවට මොකද වෙන්නේ අපේ හාමුදුරුවනේ?
රට කඩන්න හදන්නේ මෙහෙ අය නොවෙයි. ඒ ගොල්ල ඉන්නේ ඈත එපිට. මෙහෙ ඉන්නේ රූකඩ. කුලියට නටන...
මට නම් මේකේ හදිස්සියක් පේන්නේ නැහැ. ජේ.ආර්. ගේ ව්‍යවස්ථාව පහුගිය අවුරුදු හතළිහම වෙනස් කරන්නනේ අපි වලි කන්නේ... වෙන එකක් තියා ජේ.ආර්. ඇරුණු කොට පත්වෙච්ච හැම ජනාධිපතිවරයෙක්ම බලයට ආවේ ඕක වෙනස් කරනවා කියලනේ... සිදුවිය යුත්තේ මේ අවස්ථාවේ අවස්ථාවාදී නොවී පහුගිය කාලේ ඇතිවෙච්ච අමිහිරි තත්වයන් නැවත ඇති නොවෙන්න.. එක රටක් තුල සියලුම පුරවැසියන්ට ගෞරවයෙන් ජීවත් විය හැකි වාතාවරණය රටේ ඇති කිරීමයි...
රනිල් වගේ රටට කිසිම වැඩක් නොකරපු කොටිත් එක්ක 2001 ගිවිසුම ගහලා පක්ෂේත් විනාශ කරපු අයත් එක්ක අලුත් ව්‍යවස්ථා ගේනවා කියන්නේ හොද දෙයක් නෙමේ. අනික ප්‍රාදේශීය සභා මැතිවරණය ක්‍රමය අච්චාරුක් කරපු අයට පුලුවන්ද මේ වගේ දෙයක් හරියට කරන්න.
අද රටේ වැඩියෙන්ම ප්‍රවේසම් විය යුතු පුද්ගලයා රනිල් ය.
හදිස්සියේ නොවෙයි කොහොමවත් ගෙනෙන්න එපා.