
(අජන්ත කුමාර අගලකඩ)
ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් හෙට (19) පස්වරු 6.30 ට ජනාධිපති කාර්යාලයේදී රැස්වෙයි.
විසිවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනතේ කෙටුම්පත පාර්ලිමේන්තුවේදී ලබන 21 වැනිදා විවාදයට ගැනීමට නියමිත අතර ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම මෙසේ කැඳවා ඇත.
මේ අතර ආණ්ඩුවේ පක්‍ෂ නායකයන්ගේ විශේෂ රැස්වීමක් ද අගමැති මහින්ද රාජපක්‍ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේදී අද (18) පස්වරුවේ පැවැත්වේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ආණ්ඩු පක්‍ෂයේ මන්ත්‍රීන්ට ඇත්තේ 'යස් සර්" න්‍යාය පමණි. අද වනවිට මහජනයා තුළ රජය පිළිබඳව කලකිරීමක් ඇත. ඒ කියන්නේ විපක්ෂය හොඳයි කියන එක නොවේ. අතිගරු ජනාධිපතිතුමා මහජනයාගෙන් අදහස් ගත්තා නම් මීට වඩා හොඳයි...
කෙහෙල්මල් 20ට කළින් මේ කොරෝනා මර්ධනය කරලා හිටපල්ලා. බලතණ්හාවෙන් දඟලනවා. මේ වෙනකොට රටේ හැමතැනම කොරෝනා පැතිරිලා.. මිනිස්සු දෙලොවක් අතර අතරමංවෙලා. 69 ලක්ෂයක් ඡන්දෙ දුන්නේ මේ විදියට පිස්සු නටන්න නොවේ.
ජනාධිපතිතුමනි, ඔබතුමාට මේ රට දියුණු කරන්න නම් බලය ඉක්මණින්ම අවශ්‍ය වෙනවා. එ්කට කෙටිකාලීන හොඳම විසඳුම තමයි 20 වැනි සංශෝධනය. මේ 20 එපා කියලා කෑ ගසන අයම කියන්නේ රටට වැඩක් වෙන්නේ නැහැ කියලා. වැඩක් කරන්නේ කොහොමද ඔබතුමාට බලය නැතිව...? නව ව්‍යවස්ථාවක් ගේන්න ගියොත් තව වසර කිහිපයක් යනවා. එතෙක් බලා ඉන්න බැහැ ඔබතුමාට. එම නිසා සුළු පක්ෂ විපක්ෂයේ සිට සහයෝගය දේවි. දැනට රජය ඇතුලේ ඉන්න විදේශ බලවේගවලට යටව ක්‍රියාකරන දෙතුන් දෙනෙක් නිසා මුළු රටක් කරගෙන යාම නවත්වන්න හැකියාවක් නැහැ. ඔබතුමා 20 සම්මත කරගෙන රජය ඉදිරියට යද්දී නව ව්‍යවස්ථාවක් ගේන්න හැකියාව තිබෙනවා.
විමල්, වාසු, විජේදාස, ගම්මන්පිළ, හෙට ගල්ලෙන බිඳලා, ලෙන් දොර හැරලා එළියට එයිද? බලමුකෝ පිට සිංහයෝ ජනාධිපතිතුමා ගාව මොනවා කරයිද කියලා..?
ඔය රැස්වීමේදී ඇමති වරුන්ගෙන් කාට හරි "අමාත්‍යාංශ වලට ඥාතින් පත් කරන්න එපා කියලා අපට දුන්න නියෝගය අයියට බලපාන්නේ නැද්ද" කියලා අහන්න බැරිවෙයිද?