
ඇමෙරිකා නාසා ආයතනයේ, ‘ආටිමිස් 2’ මෙහෙයුම ආරම්භ විය. ‘ආටිමිස් 2’ මෙහෙයුමට සම්බන්ධ ගගනගාමීන් සිවුදෙනා රැගත් ඔරායන් ගගන කැප්සියුලය සහ ස්පේස් ලොන්ච් සිස්ටම්ස් රොකට්ටුව, ඇමෙරිකාවේ වේලාවෙන් සවස 6.35 ට, ෆ්ලොරීඩාවේ කෙනඩි අභ්‍යවකාශ මධ්‍යස්ථානයෙන් ගුවන්ගත විය.
‘ආටිමිස් 2’යනු වසර 57 කට පසු, යළි සඳට යෑමේ නාසා චන්ද්‍ර මෙහෙයුමය. මෙය එක්තරා ආකාරයක පෙරහුරු මෙහෙයුමකි. ගගනගාමීන් රැඟත් ‘ඔරායන්’ කැප්සියුලය සඳට ගොඩබාන්නේ නැත. එය ගගනගාමීන් රැගෙන සඳට ගොස්, සඳ වටා කැරකී ආපසු පෘථිවියට එනු ඇත. එය දින 10 ක වික්‍රමයකි.
‘ඔරායන්’ ගගන කැප්සියුලය සම්බන්ධ කළ ස්පේස් ලොන්ච් සිස්ටම්ස් රොකට්ටුව වේගයෙන් ඉහළට ඇඳී යෑම සිදුවූයේ නරඹන්නන්ගේත්, නාසා ආයතනයේ තාක්ෂණශිල්පීන්, ඉන්ජිනේරුවන් ආදී මෙහෙයුමට සම්බන්ධ සියලු දෙනාගේ ඔල්වරසන් හඬ මධ්‍යයේය.
රොකට්ටුවේ ආධාරයෙන්, ගගනගාමීන් අසුන්ගෙන සිටි ගගන කැප්සියුලය පෘථිවි කක්ෂයට තල්ලු කිරීම සිදුවිය. සැලැසුම් කළ ආකාරයටම, කිසිදු දෝෂයක් නොමැතිව, අදියරෙන් අදියර, රොකට්ටුව කැබලි වශයෙන් පහළ සාගරයට පතිත විය.
සාගරයට වැටුණු එම කොටස් යළි ප්‍රයෝජනයට ගැනීමට ඒවා එකතු කිරීම සිදු කළේ ඇමෙරිකන් නාවික හමුදාවය.
මෙහෙයුමට සම්බන්ධ වන ගගනගාමීන් සිවුදෙනාගෙන් නාසා ගගනගාමීන් සිටින්නේ තිදෙනකු පමණි. සිවුවැන්නා නාසා ආයතනය සමඟ සමීපව කටයුතු කරන කැනඩා අභ්‍යවකාශ ආයතනයේ ගගනගාමියෙකි. ඔහු ජෙරමි හැන්සන්ය.
නාසා ගගනගාමීන් තිදෙනාගෙන් එක් අයකු කාන්තාවක වීම විශේෂත්වයකි. ඇය ක්‍රිස්ටිනා හැමොක් කොච්ය.
‘ආටිමිස් 2’ මෙහෙයුමට නායකත්වය දෙන්නේ නාසා ගගනගාමී රීඩ් වයිස්මන්ය. කැප්සියුලයේ නියමුවා ලෙස කටයුතු කරන්නේ වික්ටර් ග්ලෝවර්ය. මොවුන් දෙදෙනා ද පළපුරුදු ගගනගාමීන්ය. වික්ටර් ග්ලෝවර් කළු ජාතිකයෙකි. ඒ අනුව සඳ බලා යන පළමු කළු ජාතිකයා ගගනගාමියා ග්ලෝවර්ය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd