IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


ආචාර්ය හුටපටයට මැති සබේ දෙකක් සී.අයි.ඩියේ

 

(සුජිත් හේවාජුලිගේ)

පාර්ලිමේන්තු වෙබ් අඩවියේ  අධිකරණ අමාත්‍ය  නීතිඥ  හර්ෂණ  නානායක්කාර මහතාගේ නම ඉදිරියෙන් වැරදි ආකාරයට  ආචාර්ය පදවියක් සඳහන් කිරීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙබ් අඩවියට තොරතුරු ඇතුළත් කිරීමේ නිරත පාර්ලිමේන්තු නිලධාරියකුගෙන් සහ නිලධාරිනියකගෙන් අද (27) පැය  තුනක් තිස්සේ ප්‍රශ්න කර ප්‍රකාශයක් සටහන් කරගෙන ඇත.

එම දෙපාර්තමේන්තුවෙන් කෙරුණු දැනුම්දීමක් අනුව දෙදෙනා ඊයේ  පෙරවරුවේ  එහි පෙනී සිටියහ.

සිද්ධිය සම්බන්ධයෙන් ඔවුන්ගෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කර ප්‍රකාශ සටහන් කර ගැනුණු බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරියෙක් පැවසිය.

පාර්ලිමේන්තු නිලධාරීන්  අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට මෑත බාගයේදී  කැඳවුණු පළමු අවස්ථාව මෙයයි.

මේ අතර  අමාත්‍ය නීතිඥ හර්ෂණ  නානායක්කාර මහතා නම ඉදිරියෙන් ආචාර්ය පදවියක් සඳහන් කරමින් සභානායක කාර්යාලයෙන්  සභා ලේඛන කාර්යාලයට  බාරදී තිබූ ලියවිල්ලක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ දැඩි අවධානය යොමුවී ඇත.

එම ලිපිය ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක කාර්යාලයෙන් ලැබුණු එකක් බව සභානායක කාර්යාලයේ නිලධාරීන් ප්‍රකාශ කර ඇතැයි දැනගන්නට ඇත.

මේ අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව  එම කාර්යාල දෙකේම නිලධාරීන්ගෙන්  ප්‍රකාශ සටහන් කර ගැනීමට නියමිතය.

පාර්ලිමේන්තු වෙබ් අඩවියේ අධිකරණ අමාත්‍ය නීතිඥ හර්ෂණ  නානායක්කාර මහතාගේ නම ඉදිරියෙන් ආචාර පදවියක් සඳහන් කිරීම සම්බන්ධයෙන් පසුගිය දිනවල සමාජයේ දැඩි ආන්දෝලනාත්මක කතාබහක් ඇතිවිය.  පාර්ලිමේන්තු වෙබ් අඩවියේ තමාගේ නම ඉදිරියෙන් එලෙස ආචාර පදවියක් සඳහන් කිරීමෙන් අපහාසයක් සිදු වූ බව පවසමින් සුදර්ශන නානායක්කාර මහතා  අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පසුගිය දා පැමිණිල්ලක් කළේය.

එම දෙපාර්තමේන්තුව මෙම පරීක්ෂණය ආරම්භ කළේ ඒ අනුවය.

සිද්ධිය පිළිබඳව පරීක්ෂණ ආරම්භ කිරීමෙන් පසු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීහු කණ්ඩායමක් පසුගිය 20වැනිදා  පාර්ලිමේන්තු පරිශ්‍රයට පැමිණ සභා ලේඛන කාර්යාලයේ නිලධාරීන් කිහිප දෙනෙකුගෙන් ප්‍රශ්න කළහ.



අදහස් (4)

ආචාර්ය හුටපටයට මැති සබේ දෙකක් සී.අයි.ඩියේ

Tharindu Saturday, 28 December 2024 04:36 PM

මේ මගඩිය ඉස්සෙල්ලාම හොයාගත්තේ CID එක නොවේ... මහජනතාව තමයි මුලින්ම හොයා ගත්තේ..

:       1       59

Aththa Acharya Saturday, 28 December 2024 09:11 PM

මේ වගේ වැඩ සදාචාරයට පටහැනිය... නීති විරෝධීය. එමනිසා ඇමැතිතුමා අස්වෙලා වරද නිවැරැදි කරන්න. කරුණාකර තවත් මෙවැනි දේවල් කරන්න එපා. මෙවැනි දේවල් කිරීමෙන් ලංකාවේ කීර්ති නාමයට තවත් නරකක් වෙනවා. කොටින්ම කීවොත්, වෙන රටවල් ලංකාවේ උපාධිය පවා ගණන් ගන්නේ නැති වෙනවා.

:       0       1

FreemanHAT Sunday, 29 December 2024 07:06 AM

මිනිස්සුන්ට බොරු දෙයක් මවාපාලා බලයට ආවාට පස්සේ Qualification ඕනෑ නෑ.. වෙනදාට ඉංජිනේරු කියන ECSL Registration නැති අය දැන් සද්ද නැතුව ඉන්නවා... ලංකාවේ media වලටත් විලිලැජ්ජාවක් නෑ...

:       0       1

Roslin Sunday, 29 December 2024 07:14 AM

රංවලයාද කොහේද ඩිස්ලයික් එකක් දාලා...

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 585 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 289 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1089 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site