
(ආර්.එෆ්.එම්.සුහෙල් සහ රංජිත් රාජපක්ෂ )
දිඹුල පතන පොලිස් වසමට අයත් ආගිල් වතුයායේ ලයින් නිවාස පේළියක අද (09) උදෑසන හටගත් හදිසි ගින්නකින් නිවාස දෙකකට දැඩි අලාභහානි සිදුව තිබේ.
අද පෙරවරු 8.00 ට පමණ මෙම ගින්න හටගෙන ඇත්තේ නිවාස තුනකින් සමන්විත ලයින් නිවාස පේළියක බව පොලීසිය කියයි.
ගින්න හටගත් අවස්ථාවේ එක් නිවසක පුද්ගලයින් තිදෙනෙකු සහ අනෙක් නිවසේ පස්දෙනෙකු සිට ඇති අතර, ගින්න පැතිර යාමත් සමඟ ඔවුන් වහා ආරක්ෂිතව නිවාසවලින් පිටතට පැමිණ ඇත.
මේ හේතුවෙන් කිසිදු පුද්ගල තුවාල වීමක් හෝ ජීවිත හානියක් වාර්තා නොවන බව දිඹුල පතන පොලිසිය පවසයි.
ගින්නෙන් එක් නිවසකට සහ එහි තිබූ සියලුම දේපළවලට දැඩි අලාභහානි සිදුව ඇති අතර, යාබද නිවසට ද ගින්නෙන් අර්ධ හානි සිදුව ඇත. වතු කම්කරුවන් සහ ප්රදේශවාසීන් එක්ව දැඩි පරිශ්රමයක් යොදා ගින්න පාලනය කිරීමට කටයුතු කර තිබේ.
ගින්න ඇති වීමට නිශ්චිත හේතුව මෙතෙක් තහවුරු වී නොමැති වුවද, විදුලි කාන්දුවක් හේතුවෙන් ගින්න හටගන්නට ඇතැයි පොලිසිය සැක කරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd