(හිරාන් ප්‍රියංකර ජයසිංහ)
මෙවර මහමැතිවරණයට සමගි ජනබලවේගයෙන් තරග වැදිමට නියමිතව සිටි අශෝක වඩිගමංගාව මහතා අද (5) සිදුවූ රිය අනතුරකින් මිය ගොස් ඇතැයි පොලිසිය පවසයි.
පුත්තලම-කුරුණෑගල මාර්ගයේ පාදෙණිය ප්‍රදේශයේ සිදුව ඇති බව පොලිසිය කියයි.
ජනාධිපතිවරණයේ දී ස්වාධීන අපේක්ෂකයකු ලෙස තරග කළ ඒ මහතා මිය යන විට 67 හැවිරිදි වියේ පසුවිය.
ඔහු පුත්තලම දිස්ත්‍රික්කයේ ආණමඩුව ආසනය නියෝජනය කළ අතර වයඹ පළාත් සභාවේ ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරයකු ද වේ.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අශෝක වඩිගමංගාව මහතාව විවාහ කරලා දුන්නේ සජිත් ප්‍රේමදාස මහත්තයාගේ පියා විසින්... හරිම කණගාටුයි. සජිත් ප්‍රේමදාස මහත්තයාට සපෝර්ට් කරන්න ඇවිත් වූ දෙයට... මොනවා කරන්නද? නිවන් සුව ප්‍රාර්ථනා කරමි. සමගි පෙරමුණට කළින්ම සුදු කොඩියක් වැටීම ඒ තරම්ම සුබ නිමිත්තක් නොවේ..
ඔබට නිවන් සුව වඩිගමන්ගාව මැතිඳුනි !!!
මෙක හිතන්න පුළුවන්ද? මෙහෙම පොඩි අනතුරකදී මියයන්න පුළුවන්ද?
මියයන්නට තරම් අනතුරක් වෙලාද?
කාර් එකේ ඉදිරිපස වීදුරුවත් කුඩුවෙලා නැහැ නේද?
එදා තාජුඩීන් වගේ අය අසාමාන්‍ය ලෙසට මියගියාලු නේ.. අන්න ඒ වගේ නැවත අසාමාන්‍ය කට්ටියක් බලයේ ඉන්න නිසා අපිටත් ඉතින් ඒ ගැන සැකයි. ඔළුවට වෙඩි තියාගෙන පස්සේ ඒ පිස්තෝලය සාක්කුවේ දාගෙන දිවි නසාගන්නා මට්ටමේ ගිනස් වාර්තා තියෙන කාලයක් මේක.. කවුරු කවුරුත් පරිස්සමෙන්..
කණගාටුයි.., ඒ වුණත් මේවගේ ප්‍රවෘත්තිවලින් දැන් මිනිස්සු කණගාටුවට පත්වෙන්නේ නැහැ. මන්ත්‍රීවරු කියන්නේ හොරුන්, මංකොල්ල කාරයින් විදිහටයි මෙරට ජනතාව හිතන්නේ... ඒක තමයි තිත්ත ඇත්ත...
එයාර් බෑග්ස් නැහැ.
හැම දෙයකටම කල් ඉකුත් වෙන කාලයක් තියෙනවා.. ඒක දේශපාලනයටත් අදාලයි. වයස 67න් පාර්ලිමේන්තු යන්නේ මහජනතාවට මොන සේවයක් කරන්නද? පරදිනකොට පැත්ත මාරුකරලා මිනිස්සුන්ට කොකා පෙන්නපු අයගෙන් කෙනෙක් මෙයත්.. කරපු හොඳ දේවල් විතරක් මිනිස්සුන්ට මතක තියෙයි. නිවන් සුව!
කාර් එක වැරැදි පැත්තට ඇවිල්ලා අනතුර වෙලා තියෙන්නේ.. සම්පූර්ණ වැරැද්ද කාර් රියදුරන්ගේ... අහිංසක ලොරි රියදුරු අනුන්ගේ වැරැද්දක් නිසා අමාරුවේ වැටුණා.