(කේ. බුද්ධික කුමාරසිරි සහ පද්මසිරි ගාර්දියවසම්)
අවිස්සාවේල්ල තල්දූව ප්‍රදේශයේ දී ත්‍රීරෝද රථයක ගමන්ගත් පුද්ගලයන් දෙදෙනකුට වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ වෙඩික්කරු ගමන්ගත් යතුරු පැදිකරැ ලෙස කටයුතු කළ 21 හැවිරිදි තරැණයකු හම්බන්තොට කැටුවැව අත් අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බලකාය පවසයි.
අත් අඩංගුවට ගත් සැකකරැ සංතකයේ තිබී හෙරොයින් ග්‍රෑම් 6 කට ආසන්න ප්‍රමාණයක් ද හමුවී ඇත.
සැකකරු කතරගම සිට යාපනය දක්වා ධාවනය වූ බසයක ගමන් ගනිද්දී පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
විදේශගතව සිටින සංවිධානාත්මක අපරාධකරුවකුගේ සමීපතමයකු වන සැකකරු ඔහුගේ දැනුම්දීම මත වෙඩික්කරු ඉල්ලකය වෙත රැගෙන ගොස් වෙඩි තැබීමෙන් අනතුරුව ආරක්ෂිත ස්ථානයක් කරා රැගෙන ගොස් ඇති බවද එම බලකාය පවසයි.
මෙලෙස අත් අඩංගුවට පත්ව ඇත්තේ අවිස්සාවේල්ල ප්‍රදේශයේ ම පදිංචිකරුවකු වන 21 හැවිරිදි තරැණයෙකි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එයාවත් ආයුධ පෙන්වන්න කියලා එක්ක යන්න. පාතාලේ මඩින්න පුළුවන් එකම ක්‍රමය ඔවුන් ලවාම ආයුධ තිබෙන තැන් සොයා ගැනීමයි. වැඩේ අවසන් වෙනතුරු තොරතුරු කිසිවක් මාධ්‍යයට දෙන්න එපා.