
(ජේ.ඒ.එල් ජයසිංහ සහ ෂේන් සෙනෙවිරත්න)
මහනුවර ඓතිහාසික ඇසළ පෙරහරේ අවසන් රන්දෝලි මහ පෙරහර අද (27) වීදි සංචාරය කිරීමට නියමිතය.පෙරහර අද රාත්‍රි 6.43 ට යෙදෙන සුබ මුහුර්තියෙන් උතුරු දිශාව බලා පෙරහර පිටත්ව දළදා වීදිය ඔස්සේ යටිනුවර වීදියට හැරී කන්දේ වීදියෙන් ඩී.එස්.සේනානායක විදියට සේන්දුවී රජ වීදිය ඔස්සේ ඉහළටවිත් පෙරහර ගෙවැදීමට නියමිතය.
පෙරහර කාලය තුළ විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක කිරීමට පොලිසිය කටයුතු කර ඇත. ඒ අනුව කටුගස්තොට සිට මහනුවර නගරයට පැමිණෙන සියලුම බර වාහන මහයියාව හන්දියෙන් තිලක් රත්නායක මාවත ඔස්සේ පොලිසිය හන්දියෙන් මහනුවර නගරයට ළඟා විය හැකියි.
කටුගස්තොට දෙසින් පැමිණෙන සැහැල්ලු වාහන ඩී.එස්. සේනානායක වීදිය ඔස්සේ පැමිණ හරස් වීදිය ඔස්සේ යටිනුවර වීදියට පැමිණ දකුණට හැරී මීරමක්කම් පල්ලිය අසලින් වමට ධාවනය කර තිලක් රත්නායක මාවත ඔස්සේ ගමන් කර හැකියි.
කටුගස්තොට දෙසට පිටවන වාහන පොලිසිය හන්දියෙන් තිලක් රත්නායක මාවත ඔස්සේ මහයියාව දෙසට ගමන් කළ හැකියි.
තැන්නේකුඹුර හා අම්පිටිය දෙසින් පැමිණෙන වාහන සංඝරාජ මාවත ඔස්සේ වේල්සි පාර්ක් හන්දියට පැමිණ ඇහැලේපොළ කුමාරිහාමි මාවතෙන් දකුණට හැරී බෝගම්බර, දුම්රියපොළ අසලින්ද කොළඹ දෙසට ගමන් කරන වාහන වම්පසට ද, නගරය දෙසට ගමන් කරන වාහන දකුණු පසටද ගමන් කළ හැකියි. එසේම රජපිහිල්ල මාවත හන්දියෙන් පල්ලිය පාර ඔස්සේ මහනුවර නගරයට ඇතුළු විය හැකියි.
නගරයේ සිට අම්පිටිය, තෙල්දෙණිය මාර්ගයේ ගමන් කරන වාහන ඔරලෝසු කණුව වටරවුමෙන් දළදා වීදිය ඔස්සේ පැමිණ රැජින හෝටලය පැවැති දොරටුව අසලින් ජෝයි බෝට්ටු සේවය පසු කර සංඝරාජ මාවත ඔස්සේ ගමන් කළ හැකි. තවද බෝගම්බර වට රවුමේ ඇහැලේපොළ කුමාරිහාමි මාවත, රජපිහිල්ල මාවත, වේලිස් පාර්ක් හන්දිය හරහා සංඝරාජ මාවත ඔස්සේ අම්පිටිය හා තැන්නේ කුඹුර දෙසට ගමන් කළ හැකියි.
පල්ලිය පාර දෙසට ගමන් කිරිමට හැකි පරිදි බෙදා වෙන් කර ඇත.
කොළඹ දෙසින් මහනුවර නගරයට ඇතුළු වීමට හා මහනුවර නගරයෙන් කොළඹ දෙසට පිටවීමට විිලියම් ගොපල්ලව මාවත හා පරණ පේරාදෙණිය පාර දෙපසටම භාවිතා කළ හැකියි.
ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා ප්‍රමුඛ මහනුවර සතර මහා දේවාල බස්නායක නිලමේවරුන් සහ පිටිසර බද දේවාලවල බස්නායක නිලමේවරුන් පෙරහරෙන් , මහනුවර ජනාධිපති මන්දිරය වෙත පැමිණ, එහිදී පෙරහර සාර්ථකව නිමාකළ බව සඳහන් පෙරහර සංදේශය ජනාධිපතිවරයා වෙත පිළිගන්වනු ලබයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd