
(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
රනිල් වික්‍රමසිංහගෙන් පාලනය ගිලිහී ගියහොත් ලංකාව අනිවාර්යයෙන්ම යළි ගොඩ ගන්නට බැරි ඇෆ්ඝනිස්තානයක් බවට පත්වන බව ප්‍රවාහන මහා මාර්ග සහ ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේ දී අද (21) පැවසීය.
මීට පෙර තෙල් ,ගෑස්, විදුලිය නැති වූයේ තාවකාලිකව බව කී බන්දුල ගුණවර්ධන මහතා නැවත එවැනි තත්ත්වයක් ඇති වුවහොත් සදාකාලිකවම තෙල් ගෑස් විදුලිය නැති රටක් නිර්මාණය වනු ඇති බව සඳහන් කළේය.
මේ අවස්ථාව ගිලිහී ගියහොත් නැවත කිසි දිනක අවස්ථාවක් නොඑන බව කී ගුණවර්ධන මහතා බොරු කියා සුරංගනා ලෝක මවන අයට රටේ ව්‍යසනයක් ඇති කිරීමට ඉඩ දීමට නොහැකි බව සඳහන් කළේය.
රටේ ප්‍රජාතන්ත්‍රවාදය රකින්නට කොන්දක් තිබුණේ රනිල් වික්‍රමසිංහ නමැති නායකයාට පමණක් බවද අමාත්‍යවරයා කීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නුඹලා එකඑක පැත්තට පනින පනින වෙලාවට කියන කතා පිළිගන්න තරම් දැන් ජනතාව මෝඩ නෑ. කොහේද යන කෙනෙක්...
තමුන් අවුරුදු 30ක් ඇමැතිකම් කරලා දියුණු කරපු රටේ තරම තමයි මේ ජනතාව අත්විඳින්නේ. බිල්ලෝ මවන්නේ නැතිව ඉන්නවා නම් හොඳයි...!
ඒකට කමක් නෑ. අපි මාලිමාවට...
තවත් වැටෙන්න තැනක් නෑ. දැනුත් ඉන්නේ කබලේ නොවෙයි ලිපේ. ලිපේ ඉන්න අපිව අළු වෙලා යන්න පෙර කවුරු හරි ඇවිත් බේරගනියෝ. අපිව ලිපට දාපු එවුන් අල්ලලා ලිපට දාපියෝ කියලා රට පුරා මිනිස්සු කෑගහනවා.
ඇමතිතුමා ඇෆ්ගනිස්ථානය පිළිබඳව දත්ත යාවත්කාලීන කරගත්තා නම් හොඳයි. ඔවුන් චීනය දක්වා මහා මාර්ග තනා අවසන්. මහවැලිය වගේ වැඩ සටහනක්අරඹා 50% අවසන් කරලා. ඉන්ජිනේරු තාක්ෂණය දියුණු කොට ඇමරිකානු අවි ආයුධ ගුවන් යානා යතා තත්වයට පත් කර ඇත. ඔවුන්ගෙ විනිමය අනුපාතය ලංකාවට වඩා ඉහල මට්ටමක පැවතී. නමුත් ඔවුන් කිසිම විදේශ රටකට ණය නැත.
මේ වගේ දෙපිටගාට්ටු අවස්ත්වාදියන්ගේ සුනක කතා නිසාම මේ පාර මාලිමාවට
තමුන් අයින් උනොත් අනිවාර්යයෙන්ම රනිල්ට ඡන්ද සෑහෙන්න වැඩිවෙනවා. ඔහේ කරපු කරන දේවල් වගේම ඔය මූණත්තහඩුවත් ජනතාවට අප්පිරියයි
මමත් ඔබතුමාගේ උසස්පෙළ, ආර්ථික විද්‍යාව, වාණිජ්‍යය හා මූල්‍ය පන්තිවලට ආපු ගෝලයෙක් 90 අග භාගයේ... නමුත් ඔබතුමා ජීවත් වෙන්න මවපු, මවපු ලස්සන ආර්ථික න්‍යායක් නැහැ මේ වෙනකොට...
ඔයා ගෙදර යන්නකෝ අපි බලාගන්නම් සැප්තැම්බර් 21 දාට...
රනිල්ගෙයි තමුන්නාන්සේලාගෙයි කෙරුවාව අපි දැක්කා - ඒක නිසා මේ සැරේ මාලිමාවට...!
හැමවෙලේම දිනයි කියලා හිතෙන පැත්තට පැති මාරුකරන අය ගැන ඇති විශ්වාසය බිඳී ඇත. බන්දුලත් මොන ආණ්ඩුවක් ආවත් ඇමති කෙනෙක්. ඒ නිසා මට ඇමැතිකමක් ලබාගන්න රනිල්ගේ පැත්තට ඡන්දේ දෙන්න කියන්න. එහෙම කියන එකයි අවංකකම එක එක බහුබූත කතා නොකර....
ආර්ථික විද්‍යාව උපකාරක පන්ති වලින් රටේ ළමයින්ට ආර්ථික විද්‍යාව ඉගැන්නුවාට මෙයාට රටේ ආර්ථිකය තේරෙන්නේ නැති හැටි.
හා කමක් නැහැ අපි ඒක බලාගන්නම්..!
ණය ගත්ත එකයි තිබුණු ණය නොගෙවපු එකයි සහ ජාතිකත්වයක් නැති නිසා බටහිරයන් ගේ උපකාර ගත්ත එකයි ඇරෙන්න වෙන මොනවත්.කළාද කියලා මේ බලන්නෙ.
ඔහේ කියපුව බොරු. කවුරු ආවත් බදු අඩු කරන්න බැහැයි කිව්වට ජනවාරි වල අඩු කරනව කියනවනේ.එතකොට ඒ බොරුවට කියනවද? බාර් එපා කිව්ව තමන්ගෙ ප්‍රදේශයේ පමණක් , ඒක හරිද? බාර් වැහුවොත් සුරා බදු කෝ, එතකොට සුරා බදු වලින් ලැබෙන ප්‍රතිලාබ තමුන්නැහැගෙ ප්‍රදේශයකට අකැපද? නිකන් සංදර්ශන කරන බොල් මිනිහෙක්. මෙවන් චරිත නැති පාලනයකට ඇති අවසන් අවස්ථාව මග නොහරිමු. වෙනසකට චන්දය පාවිච්චි කරන්න.
බුහ් ..බුහ් , ඔය කතන්දර අහන ,විශ්වාසකරන මෝඩයෝ දැන් නැහැ... #මාලිමාවට චන්ද කෝටියක් # ජාතික ජනබලවේගයට ජයවේවා !!!
එතකොට මහබැංකුවේ මහදවල් මහ මංකොල්ලය කරපු කෙනා දැන් උපාසකයාද?
රනිල් කරන වැඩේ මටත් පුළුවන්... රටවල් වලින් සල්ලි දෙනවා ණයට රනිල්ට... බඩු ගන්නේ එයා මුදලාලි වගේ බඩු ගන්නවා. ඉස්සෙල්ලාට වඩා තුන් ගුණයක් වැඩියෙන් අපිට දෙනවා. ඒ කරලා කියනවා ආර්ථිකය හොඳ අතට හැරිලා තියෙන්නේ කියලා...
මමත් මොහුගෙන් ඉගෙන ගත්තා. ඒත් දැන් මොහු කියන දේවලට මට කියන්න තියෙන්නේ මොහු බොරුකාරයෙක්.. නමුත් හොඳ වාචාල කටක් තියෙනවා...
1981 වසරේ කොළඹ එවකට පැවති ස්ටෆඩ් ආයතනයේ මම භෞතික විද්‍යා පන්තියේ දේශනයට සහභාගී වන විට මෙයා අනිත් ශාලාවේ ඉඳන් ලවුඩ්ස්පිකර් එක දාගෙන ආර්ථික විද්‍යාව පන්තිය කරනවා. ඒ කාලේ මෙයා ඡන්දෙට එනකොට මමත් හිතුවා මිනිහා රටට නියමෙට සේවය දීලා රටේ ආර්ථිකේ දියුණු කරයි කියලා. වැඩිකල් යන්න කලින්ම මට තේරුනා මිනිහා දන්නේ ඒ ලෙවල් සිලබස් එක විතරක් මිසක් වෙන මොන මල ඉලව්වක් වත් නැති විත්තිය. මතකනේ මේ ළඟදිත් ගොටගේ කාලේ ඩොලර් ඉවරවෙගන ගිය වෙලාවේ මිනිහා ලොරි ගණන් ටෝක් දුන්න බයවෙන්න කිසිම හේතුවක් නැහැ ඩොලර් උපයන්න ඕනි තරම් ක්‍රම තියෙනවා කියලා.
තමුන් වෙළද ඇමතියා වෙලා ඉන්න කාලේ කිව්වේ සක්කරයාගේ පුතා වයිමා ආවත් රටේ ආර්ථක ගොඩගන්ඩ බැරි බව. එහෙම කියපු ආර්ථි ක ඔස්තාර් ගේ කයිවාරු අපි හොන්දට අහලා තියෙනවා .
දැන් රට සුරපුරයක් වෙලාද තියෙන්නේ ? රනිල් නාවොත්, ඇමති පට්ටම නැතිවෙලා නන්නත්තාර වෙයි කියලා බය වෙලා?
මුන් බොරු බිල්ලෝ මවනවා බල පෙරේත කමට.. පට්ට සංවර්ධනය මුන්ගේ .. අවුරුදු 70 ගානක් තිස්සේ රට විනාශ කරලා, දැන් බේරගන්නලු.. මුන්ටම දෙන්නලු.. පුපෙන් හිනා ඔයී
ඔක්කොම දුවන්නේ රනිල්ගේ මොලෙන්. අනුරලා ආවත් රනිල්ට උපදේශක තනතුරක් දීලා ඒ මොලෙන් වැඩ ගන්න වෙනවා. නැත්නම් මේ රට ඇෆ්ගනිස්ථානයක් නෙවෙයි බංගලාදේශයක් වෙනවා.
මෙයාගෙ දරුවො ඉන්නෙ පිටරටක. ඔවුන්ගේ චායාරූප ගොන්නක් දැක්කා. ඔවුන් ගතකරන ජීවිතය ඩුබායි ශේක්ලගේ දරුවෝ හා සමානයි. ලෝකය පුරා යමින් ඉහලම හෝටල් වල හිදිමින් පුද්ගලික ආරක්ෂකයින් පවා තබාගෙන ලැම්බෝගිනි පදිමින් ගෙවන ඒ ජීවිතේ දැක්කොත් කිසිවකු හිතන්නේ නෑ ඒ තරම් ජීවිතය ගතකරන්නෙ. ඉරිසියාවක් නෑ. ඒත් ඒ සල්ලි හොයන්නෙ ඔවුන් නොවෙයි. දැන් අලුතින්ම ක්‍රමය කොමිස් මුදල් යන්නේ පිටරට ඉන්න දරුවන් අටවාගත් බොරු සමාගම් වලට. කවදාවත් අල්ලන්න බෑ. ලංකාවේ මිනිස්සු පව්. මේ චායාරූප මම කිහිප දෙනෙකුටම යැවුවත් කිසිවෙකු තවම ප්‍රසිද්ධ කලේ නෑ.
ඔව් ඔව්. රට කෙසේ වෙතත් ඔයාලට ඉන්න වෙන්නේ ඇෆ්ගනිස්ථානයේ ඉන්නවා වගේ තමා. අපිට නම් රට සුරපුරයක් කරගන්නයි ඕනේ ඔයාලගේ පාලනයෙන් බැහැර වෙලා. අපි ඉන්නේ කොහොමත් ඇෆ්ගනිස්ථානයේ දැන්. ඔයාල හිටියේ හැමදාම සුරපුරයේ. ඔය දඟලන්නේ පේ පාරත් ඒ ටික රැක ගන්න. ඔයාගෙන් ඉස්සර ඉගෙන ගත්තු එකටත් ලැජ්ජයි සර්.
මාර කතා නේ කියන්නේ ,රට බංකොලොත් කල මිනිස්සුන්ම නැවත කියනවා එයාලටම දෙන්නලු . අපි බත් කන්නේ . ඕවා තණකොළ කන ,මේ දවස් වල ඔහේලාගේ වේදිකාවේ ඉස්සර ඉන්න ගොන් හැත්තට කියනවා
අපේ රටේ මිනිස්සුන්ට ඕන හැමදාම ගැලවුම් කාරයෙක්, ගැලවුම් කාර කුමාරයෙක් රජෙක් අප්පච්චි කෙනෙක්. නිල රතු කොළ මේ හැම පාටෙන්ම ඉල්ලුවේ ගැලවුම්කාරයෝ. එත් ඔය වැඩි ඡන්ද හිමි බෞද්ධයෝ දන්නේ නැහැ ගැලවුම තමන්ගේ අතේ බව. බුදුදහමේ තියෙන්නෙත් ගැලවීම තියෙන්නේ තමන්ගේ අතේ කියල.
ඔයා බුරන්න .අපි මාලිමාවට දෙන්නම්
ඔව් . සුදුළුනු කන්නත් බැරුව යනවා
ඔව් ඔව් බොල මුලුබානෝ... ඒකනේ අපි ලක ලෑස්ති වෙන්නේ. ඒක කියන්න ඔයා ඕනැයි.
අනේ යන්න...!