(රංජන් කස්තුරි)
රෝහල්වල ප්‍රතිකාර ලබන රෝගීන්ට අවශ්‍යකරන ඔක්සිජන් ප්‍රමාණය සති කීපයකට උඩදී පැවති තත්වයට වඩා සැලකිය යුතු මට්ටමකින් අඩුවී ඇතැයි සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පැවසීය.
මීට සති කීපයකට පමණ උඩදී රාජ්‍ය රෝහල්වල ප්‍රතිකාර ලැබූ කොවිඩ් රෝගීන්ට දිනකට ඔක්සිජන් ටොන් 140ක පමණ ප්‍රමාණයක් අවශ්‍ය වු නමුත් මේ වනවිට අවශ්‍ය ඔක්සිජන් ප්‍රමාණය සැලකිය යුතු ලෙස අඩුවී ඇතැයිද රඹුක්වැල්ල මහතා කීය.
සාර්ථක එන්නත්කරණය හේතුවෙන් මේ වනවිට කොවිඩ් වයිරසය පැතිරයාම පාලනයවෙමින් තිබෙන බවද සෞඛ්‍ය ඇමතිවරයා කීවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රට ඇරිය ගමන් නැවතත් රෝගීන් වැඩිවනවා. ෆයිසර් තුන්වන මාත්‍රාව ලෙස සයිනොෆාම් එන්නත් දෙක ගත් අයට දුන්නේ නැත්නම් රට සාමාන්‍යකරණයට ගන්න අමාරුයි. මොකද පොදු ප්‍රවාහනය භාවිතා කරන්න වෙනවා. එන්නතට යන වියදමට වඩා වියදමක් රජයේ සේවකයො ගෙදර තියා පඩි ගෙවනවිටත් , ලෙඩවුනු ජනතාවට ඔක්සිජන් ඇතුළු දැඩි සත්කාරවලට යන වියදම්වලටත් යනවා. මේ අතර රටට මුදල් ඉපයිය හැකි උගත් ඵළදායි 50ට වැඩි පුරවැසි මරණවලට එන්නත් පමාව හේතුවුනා. එබැවින් අවශ්‍ය දෙය අවශ්‍ය මොහොතේ ඉටු කිරීමෙන් අනවශ්‍ය වියදම් වලක්වා රටට විනිමය ගෙනෙන රටේ මානව සම්පත විනාශවීම වැලැක්විය හැකියි.
ඕක ඉතින් කයිවාරු ගහන්න දෙයක් නොවෙයි. ඔක්සිජන් අවශ්‍ය වුණු ලෙඩ්ඩු මැරෙන්න ඉඩහැරියා. මැරුණු අයට තවත් ඔක්සිජන් අනවශ්‍යයි නේද? ඉතින් ඉල්ලුම පහළ ගියා..