
(අංජුල මහික වීරරත්න)
වර්තමානයේ තිබෙන ආර්ථික අර්බුද වලින් රට ගොඩගත හැකි එකම නායකයා රනිල් වික්‍රමසිංහ බැවින් ඔහුට රට බාරදිය යුතු බවට ජනමතයක් සමාජය තුළ මතුව ඇතැයි එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා ප්‍රකාශ කළේය.
ජාතික ආණ්ඩු හදන බවට, සභාග ආණ්ඩු හදන බවට හා රනිල් අගමැති වන බවට රට පුරා කට කතා පැතිර යන්නේ එම කරුණ පදනම් කරගෙන යැයි ද නියෝජ්‍ය නායකයා සඳහන් කළේය.
කෙසේ නමුත් සිංහල දමිල අලුත් අවුරුද්දෙන් පසු පාර්ලිමේන්තුවේ විශාල වෙනසක් වනු ඇති බවට තමාට විශ්වාසයක් ඇතැයි ද විජයවර්ධන මහතා කියා සිටියේය.
එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා මෙම අදහස් පළ කළේ කොළඹ දී පැවැති වෘත්තීයවේදී හමුවකදීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එළුවා පස්සේ ගිය නරියා මතක් උනා.