
(අංජුල මහික වීරරත්න)
විදුලි ගාස්තු වැඩි කිරීමට සිදු වූයේ ආණ්ඩුවේ ගල් අඟුරු වංචාව බව එක්සත් ජනරජ පෙරමුණේ නායක හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා මාධ්‍ය හමුවකදී අද (1)පැවසීය.
එළඹෙන අවුරුදු සමය මහජනතාවට නම් සුබ අලුත් අවුරුද්දක් නොවනු ඇතැයි චම්පික රණවක මහතා එහිදී කීය.
ඒකාබද්ධ විපක්ෂය සංවිධාන කළ මෙම මාධ්‍ය හමුව කොළඹ නිපොන් හෝටලයේදීී පැවැත්විණි. ඒ සඳහා විපක්ෂයේ පක්ෂ නායකයන් රැසක් සහභාගී වී සිටි අතර එහිදී අදහස් දක්වමින් චම්පික රණවක මහතා මෙසේද කීය.
එළඹෙන අවුරුදු සමය අපේ මහජනතාවට නම් එච්චර සුබවාදී නැහැ.අද සිට විදුලි ගාස්තුව වැඩි කිරීමට අනුර කුමාර දිසානායක ආණ්ඩුව තීරණය කර තිබෙනවා.ආණ්ඩුව 13.5ක විදුලි වැඩිවීමක් ඉල්ලා තිබුණා.ඒ වගේම ලංකා විදුලි බල මණ්ඩලය නිල වශයෙන් විසුරුවා දැමීමේ නායකත්වය ගත්තෙත් අනුර කුමාර ජනාධිපතිතුමා.ඒ සමාගම් වලින් ඉවත් වීමට දෙදහසකට ආසන්න පිරිසක් එකඟ වී තිබෙනවා.මේ අයගේ විශ්‍රාම ගැන්වීමේ යෝජනාවලියක් ඉදිරිපත් වී තිබුණා.එය මහජන උපයෝගීතා කොමිසම සැලකිල්ලට ගෙන තිබෙනවා.එය මෙවර විදුලි ගාස්තු වැඩි වීමට එකතු කර නැහැ.ඒ නිසා මෙවර විදුලි වැඩිවීම 10.5කට සීමා කර තිබෙනවා.
නමුත් ගෘහස්ථ පාරිභෝගිකයන්ට විදුලි බිල 13.5ක් දක්වා වැඩිකර තිබෙනවා. ඒ කාරණය කවුරුත් දන්නවා.
කර්මාන්ත වලට විදුලි බිල 8.7 කින් වැඩිකර තිබෙනවා.සියලුම බිල් වැඩිවීම තුළ කර්මාන්ත ක්ෂේත්රයට දරුණු අර්බුදයක් ඇතිවීමට නියමිතයි.
මෙම අවස්ථාවට හිටපු කතා නායක මහින්ද යාපා අබේවර්ධන, එක්සත් ජාතික පක්ෂ සභාපති හිටපු අමාත්‍ය වජිර අබේවර්ධන,හිටපු අමාත්‍ය ලසන්ත අලගියවන්න මහත්වරු ඇතුළු පක්ෂ නායකයෝ සහභාගී වූහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd