(අංජුල මහික වීරරත්න)

ටෙන්ඩර් නිසි පරිදි ලබා දී ඇති හෙයින් ලබන මාසේ ඉන්ධන අර්බුදයක් හෝ විදුලි කැපිල්ලක් නැතැයි ඛනිජ තෙල් සංස්ථාවේ සභාපති ඩී.ජේ රාජකරුණා මහතා මාධ්‍ය හමුවකදී අද පැවසීය.

මේ අර්බුද අවස්ථාවේ  විනෝද ගමන් ආදිය නොයා තෙල් අර පිරිමැස්මට සහාය වන්නැයි  ජනතාවගෙන් ඉල්ලා සිටින බවද සභාපතිවරයා කීය.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුව අමතමින් ඛනිජතෙල් සංස්ථා සභාපතිවරයා මේ බව කීය.