
(තුසිත කුමාරද සිල්වා)
බේරුවල මග්ගොන අක්කර මලේ අලූත් පාර ප්රදේශයේ වයස අවුරුදු තුනක සිඟිත්තෙකු ළිඳකට වැටී මිය ගොස් ඇතැයි පායාගල පොලීසිය කියයි..
මෙසේ මියගොස් ඇත්තේ මොහොමඩ් රිස්වන් මොහොමඩ් අයාන්(3) නමැති එම පවුලේ දෙවැනි දරුවා බව පොලිසිය කීය.
මෙම දරුවා නිවසේ සෙල්ලම් කරමින් සිට ඇති අතර සවස පහත් හයක් අතරේ සිට දරුවා පිළිබඳ කිසිදු හෝඩුවාවක් නොමැති බැවින් අවට නිවාසවලද සොයා බලා නිවැසියන් පයගල පොලිසියට පැමිණිලි කර තිබේ.
ඒ අනුව විමර්ශන ආරම්භ කර පොලිසිය එම නිවසට පැමිණෙන විටත් නිවස පිටිපස අනාරක්ෂිත ළිඳෙහි දරුවාගේ සිරුර පාවෙමින් තිබියදි සොයා ගෙන තිබේ.
කළුතර අපරාධ ස්ථාන පරීක්ෂණාගාර නිලධාරීන් පයාගලපොලිසිය හා බේරුවල මුස්ලිම් හදිසි මරන පරීක්ෂක වරයා ඇතුළු පිරිසක් ස්ථානිය මූලික පරීක්ෂණ සිදුකර බව පොලිසිය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නිවස පිටිපස තිබෙන අනාරක්ෂිත ලිඳ දිහා පොඩ්ඩක් එබිකම් කරලා බලන්නවත් මුන්ට මොළයක් තිබිලා නැද්ද? එහෙමත් නැත්තං නීතියෙන් බේරෙන්න නොදන්නා පාට් එකක් දැම්මාද දන්නේ නැහැ. වගකීම පැහැර හැරීම ගැන නීතියෙන් දැඩි දඬුවම් ලබා දිය යුතුයි.
පොඩි දරුවන් අනාරක්ෂිත ළිං , වැසිකිළි වළවල් ආදියට වැටීම් ගැන කතා සැහෙන්න අහන්න ලැබුන. එවැනි අනාරක්ෂිත ස්ථාන තිබෙනවා නම් සුදුසු පරිදි ආවරණය කරලා තියන එක වැඩිහිටියන්ගේ වගකීමක්.