අන්තර්ජාතික දූෂණ විරෝධී දින සැමරුමට සමගාමීව ‘අවංක රාජ්‍ය සේවකයින් ඇගයීම‘ වෙනුවෙන් පැවති ‘ඉන්ටෙග‍්‍රිටි අයිකන්’ සම්මාන උළෙලේ දී අවංකම රාජ්‍ය සේවකයා ලෙස මහජන මනාප 20,000කට අධිකව ලබාගත් මතුගම ශාන්ත මරියා විද්‍යාලයේ විදුහල්පති පී.ඒ.සී. ප්රියදර්ශනී මෙනවිය සම්මාන දිනාගත්තාය.
කොළඹ බණ්ඩාරනායක ඡාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී මෙම උත්සවය පැවැත්විණි.
ශ‍්‍රී ලංකා රේගු මධ්‍යම විමර්ශන කාර්යංශයේ සහකාර රේගු අධිකාරී ඒ.එම්.ඒ.එස්. අමරසිංහ, වෙරළ සංරක්ෂණ හා වෙරළ සම්පත් කළමනාකරණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් බී.කේ.පී. චන්ද්‍රකීර්තී, ත‍්‍රිකුණාමලය දිස්ත‍්‍රික්කයේ, වෙරුගල් ප‍්‍රාදේශීය ලේකම් කේ. කුණානාදන්, යාපනය ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය ටී. සත්‍යමූර්ති යන මහත්වරු ඇගයුම් සම්මානවලින් පිදුම් ලැබූහ.
මෙම උත්සවයේ ප‍්‍රධාන ආරාධිතයා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා සහභාගි වූ අතර, මෙම සම්මාන උළෙල ට‍්‍රාන්ස්පේරන්ස් ඉන්ටර්නැෂනල් ආයතනය විසින් සංවිධානය කරනු ලැබ තිබිණි.
අවංකම රාජ්‍ය සේවකයාට හිමි සම්මානය මතුගම ශාන්ත මරියා විද්‍යාලයේ විදුහල්පති පී.ඒ.සී. ප්රියදර්ශනී මෙනවිය ලබාගත් අයුරු ඡායාරූපයෙන් දැක්වේ.
ඡායාරූප - ඉසුරු පෙරේරා






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපගේ සුභ පැතුම් හා උත්තමාචාරය !
ඔබ ප්‍රදර්ශනය කල ආදර්ශමත් නායකත්වයට ඉතසිතින් සුභ පතමු.
මගේ දෙමව්පියනුත් රටට සතයක් ණයනැති සතයක් පගා නොගත් අවංක මනුෂ්‍යයන්. එත් පැන්ෂන් ගන්නකොටත් තමන්ට කියල හරි හමන් නිවසක් නැති දුප්පතුන්. ඒ අයගේ තරුණ කාලය ජීවිතේ හොඳම කාලය ගෙව්වේ වැයකළේ මේ රට වෙනුවෙන්. ඒ වගේ අවංක ශ්‍රී ලාංකිකයන් දහස් ගණන් මේ රටේ ඉන්නවා. ඔවුන්ගේ දාඩිය මහන්සියෙන් ඵලක් නොවෙන්නේ රටේ තීන්දු ගන්න ඉන්න ප්‍රතිපත්තියක් නැති, නූගත් එත් අප්‍රමාණ ලෙස ලැජ්ජා විරහිත කපටි දේශපාලනඥයන් නිසයි. මට ඒ දූෂිත දේශපාලනඥයන් අතිශයින් පිළිකුල්.
මේ අවංක මහත්ම මහත්මීන්ට මගේ කෘතඥතාවය පිරිනමන්න කැමතියි. ඔවුන් නිසයි මේ රට මේ තරමින් හරි ඉතුරු වෙලා තියෙන්නේ.
රේගුවේ ඉන්න අය මේ වගේ අවංක නම් රටේ අදායම සිය ගුණයකින් ඉහළ යන්න ඕන.