IMG-LOGO

2025 ජුලි මස 26 වන සෙනසුරාදා


අවි පුහුණුව ලැබූ සහරාන්ගේ ගෝලයෙක් පේරාදෙණියේදී අත්අඩංගුවට

(ඉන්දිකා රාමනායක)

තවුහිත් ජමාද් සංවිධානයේ නායක මොහොමඩ් සහරාන් නැමැත්තා සමඟ මහනුවර අරුප්පල ප‍්‍රදේශයේදී අවි පුහුණුව ලැබූ පුද්ගලයෙක් ත‍්‍රස්තවාදී  විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් අද (09)  පේරාදෙණිය දවුලගල ප‍්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය කියයි.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ මොහොම්මදු මුක්තාර් ආශිෆ් නැමැති 29 හැවිරිදි  පුද්ගලයෙකි .

ඔහුගේ පේරාදෙණිය හේන්දෙණිය නිවසේදී මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇති බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා කියා සිටියේය.

මෙම ත‍්‍රස්ත සංවිධානය සම්බන්ධයෙන් ත‍්‍රස්තවාදී විමර්ශන කොට්ඨාසය සිදුකළ විමර්ශයේදී හෙළි වූ තොරතුරු අනුව මෙම සැකකරු අත්අඩංගුවට ගත් බව රුවන් ගුණසේකර මහතා පැවැසීය.

අත්අඩංගුවට ගත් සැකකරු  සම්බන්ධයෙන් රැඳවුම් නියෝග ලබාගෙන  රඳවාගෙන ප‍්‍රශ්න කිරීමට නියමිතව බවද පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා කීය.

 



අදහස් (10)

අවි පුහුණුව ලැබූ සහරාන්ගේ ගෝලයෙක් පේරාදෙණියේදී අත්අඩංගුවට

Raveendra Tuesday, 09 July 2019 01:51 PM

කරුණාකර සමාජයට අහිතකර විෂබීජ පුළුස්සා දමන්න. එය මහඟු පිනකි...

:       114       373

chandima Tuesday, 09 July 2019 01:59 PM

සහරාන්ගේ ගෝලයෝ විතරක්ම හොයලා මදි. සහරාන් කාගේ ගෝලයෙක්ද කියලත් හොයාගන්න වෙනවා. ලෝකේ කිසිම ත්‍රස්ත සංවිධානයක නායකයා තමන්ගේ පළමු ප්‍රහාරයෙන් විහින් මැරෙන්න යන්නේ නැහැනේ. අනික මේ තරම් ගෝලබාල රැලකට පුහුණුව දීලා..? ලොක්කා මළාම ඉදිරි කටයුතු සේරම නවතිනවා. ප්‍රභාකරන් කවදාවත් සටනට ගියාද? විජේවීර සටනට ගියාද? වෙන එකක් තියා පාක්ෂිකයෝ මරාගන්නකොට රනිල් වික්‍රමසිංහවත්, මහින්ද රාජපක්ෂවත් ඒ මැදට පනිනවද? ඒක නිසා මේකේ ලොක්කා රටේ ඉහළින්ම වැජඹෙනවා ඇති තවමත්? මේ තරම් පිරිසකට පුහුණුව දුන්නේ පළමු ප්‍රහාරයෙන්ම සටන නවත්තන්නද? එ්ක වෙන්න බැහැනේ? මේ සියල්ලන්ගේ ප්‍රධානියා ඇල්ලිය යුතුමයි. නැතිනම් දෙවෙනි වටය ආයෙත් එනවා ඒකාන්තයි...

:       108       551

Hafeel Tuesday, 09 July 2019 03:56 PM

සහතික ඇත්ත...

:       0       86

Chanak los angelesThursday, 11 July 2019 03:12 AM

සහරාන් සාටකගේ ගෝලයෙක්නේ.. ඒ බව තහවුරු කරගන්න පුළුවන් සාටකව තේරීම් සභාව ඉදිරියට ගෙන්වලා ෆොන්සේකාට ඔහුගෙන් හරස් ප්‍රශ්න අහන්න දුන්නොත් ...

:       0       0

saman Tuesday, 09 July 2019 02:26 PM

අමුතුවෙන් හොයන්න දෙයක් නෑ.. එයාව හැමෝම දන්නවා... නමුත් දේශපාලන වාසි නිසා ක්‍රියාමාර්ග ගන්න බයයි..

:       1       114

Amila Tuesday, 09 July 2019 02:45 PM

චන්දිම කියලා තියෙනවා වගේම අනිවා සහරාන්ට ඉහළින් නායකයෙක් ඉන්න ඕනෑ. සමහරවිට අපි නොහිතන කෙනෙක් මෙහි නායකයා වෙන්නත් පුළුවන්...

:       0       116

nadeera Tuesday, 09 July 2019 03:01 PM

මේ මුස්ලිම් දඩයම දැන්වත් නතර කළ යුතුයි. රනිල් කියලා තියෙන්නේ ඔක්කොම ඇල්ලුවා කියලයි.

:       143       1

PrabhaTuesday, 09 July 2019 06:33 PM

මෙතන තියෙන්නේ ත්‍රස්ත දඩයමක් මිස වාර්ගික දඩයමක් නොවේ.

:       0       1

sugath premalalWednesday, 10 July 2019 04:31 AM

ඔය කියන්නේ නදීරට... රනිල් කියන්නේ මොන වගේ කෙනෙක්ද කියලා තේරුම් ගන්න....

:       0       1

Premathilaka peramuna Wednesday, 10 July 2019 01:45 AM

පසුගියදා ප්‍රහාරයේ නායකයා සහරාන් විය නොහැකිය. ඕනෑම සංවිධානයක නායකයා ප්‍රථම ප්‍රහාරයේ දී ම සිය දිවි හානි කර ගන්නේ යැයි කිසිවිටෙකත් සිතිය නොහැකි එම නිසා සහරාන් මෙහෙයවූ අය කවුදැයි වහා සොයා බැලිය යුතුයි. ලංකාවේ බුද්ධි නිලධාරීන් දක්ෂයන් ඒ නිසා මේ මේ කළ නොහැකි දෙයක් ද නොවේ අවශ්‍ය වන්නේ පක්ෂග්‍රාහී නොවන දේශපාලන නායකත්වයක්.

:       1       9

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 87 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 317 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 59 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

Our Group Site