
(මනෝප්රිය ගුණසේකර)
වී ගබඩාවක් පවත්වාගෙන යෑමට අවශ්‍ය පරිසර බලපත්‍රය දීමට අවශ්‍ය අනුමැතිය සඳහා ව්‍යාපාරිකයකුගෙන් රුපියල් 40,000ක් ඉල්ලා ලබාගැනීමේ චෝදනා ලැබ සිටි හොරොව්පොතාන ප්‍රාදේශීය සභාවේ හිටපු තාක්ෂණ නිලධාරියෙකු කොළඹ මහාධිකරණ විනිසුරු මොහොමඩ් මිහාල් මහතා විසින් විත්ති වාචක හෝ නොකැඳවා නිදොස් කොට නිදහස් කරන ලදී.
පැමිණීලිකාර ව්‍යාපාරිකයාගේ සහ වැටලීම කළ නිලධාරීන්ගේ සාක්කි එකිනෙකට පරස්පර බව පෙන්වා දෙමින් විත්ති වාචක හෝ නොකැඳවා අපරාධ නඩු විධාන සංග්‍රහයේ 200 වැනි වගන්තිය යටතේ තම සේවාදායකයා නිදොස් කොට නිදහස් කරන්නැයි නීතීඥ දර්ශන කුරුප්පු මහතා කළ ඉල්ලීමක් පිළිගනිමින් විනිසුරුවරයා විත්ති වාචක හෝ නොකැඳවා විත්තිකරු නිදොස් කොට නිදහස් කළේය.
විත්තිකරුගෙන් නිදහසට කරුණු විමසීමට තරම් බැලු බැල්මට පෙනෙන ප්‍රබල නඩුවක් පැමිණිල්ල විසින් ඉදිරිපත් කර නොමැති බවට තීරණය කරමින් විත්ති වාචක හෝ නොකැඳවා මෙලෙස නිදොස් කොට නිදහස් කරන ලද්දේ හොරොව්පොතාන ප්‍රාදේශීය සභාවේ හිටපු තාක්ෂණ නිලධාරියෙකු වු රෝෂාන් ගුරුගේ මහතාය.
2022 නොවැම්බර් 10 වැනිදාත් 15 වැනිදාත් අතර කාලයේ හොරොව්පොතානේදී, හොරොව්පොතාන ප්‍රාදේශීය සභාවේ තාක්ෂණ නිලධාරියා වශයෙන් කටයුතු කරමින් සිටියදී නිල කාර්ය්යයක් කර දීම සඳහා මොහොමදු නලීම් නමැත්තාගෙන් අවස්ථා දෙකකදී රුපියල් 20000/- බැගින් ඉල්ලා රුපියල් 40000/-ක මුදලක් අල්ලස් වශයෙන් ගත් බවට චෝදනා කරමින් අල්ලස් කොමිසම විත්තිකරුට එරෙහිව චෝදනා හතරක් යටතේ නඩු පවරා තිබිණී.
මේ සම්බන්ධයෙන් පැවැති දීර්ඝ නඩු විභාගයේදී විත්තිකරු අල්ලස් ඉල්ලු බව කියන මොහොමදු නලීම් නමැත්තා සහ වැටලීම කළ අල්ලස් කොමිසමේ නිලධාරීන් සාක්කි දුන්හ.
පැමිණිල්ලේ සාක්කි විභාගය අවසානයේදී විත්තිකරු වෙනුවෙන් පෙනී සිටි නීතීඥ දර්ශන කුරුප්පු මහතා කරුණු දක්වමින් විත්තිකරුට නිදහසට කරුණු ඉදිරිපත් කිරීමට තරම් ප්‍රබල නඩුවක් පැමිණිල්ල විසින් ඉදිරිපත් කර නැතැයි පෙන්වා දුන්නේය.
ඒ අනුව අපරාධ නඩු විධාන සංග්‍රහයේ 200 වැනි වගන්තිය යටතේ විත්ති වාචක හෝ නොකැඳවා තම සේවාදායකයා නිදොස් කොට නිදහස් කරන්නැයි නීතීඥ දර්ශන කුරුප්පු මහතා විශේෂ ඉල්ලීමක් කළේය.
ඒ අනුව පැමිණිල්ල ඉදිරිපත් කළ සාක්කි සලකා බැලූ මහාධිකරණ විනිසුරුවරයා පැමිණිල්ලේ සාක්ෂිකරුවන්ගේ සාක්ෂි අතර බරපතල පරස්පරතා පවතින බව නිරීක්ෂණය කරමින් විත්තිකරුට නිදහසට කරුණු ඉදිරිපත් කිරීමට තරම් ප්‍රබල නඩුවක් පැමිණිල්ල විසින් ඉදිරිපත් කර නොමැති බව තීරණය කරමින් සියලු චෝදනාවලින් විත්තිකරු නිදොස් කොට නිදහස් කළේය.
විත්තිකරු වෙනුවෙන් නීතිඥවරුන් වන අංජන අධිකාරම්ගේ සහ බුද්ධිම කන්නන්ගර මහත්වරුන් සමඟ නීතිඥ දර්ශන කුරුප්පු මහතා පෙනී සිටියේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd