
(රෝෂන් තුෂාර)
ගංජා සමඟ අත්අඩංගුවට ගත් යතුරු පැදියක් අධිකරණයට ඉදිරිපත් නොකර මුදා හැරිමට රුපියල් විසිදාසක අල්ලසක් ගත්තේ යැයි කියන මතුගම පොලිසියේ නඩු භාණ්ඩ නිලධාරි පොලිස් සැරයන් හා පාන්තිය ආදාහනාගාරයේ සහායකවරයා ලබන 13 දින දක්වා බන්ධනාගාර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා අද (30) නියෝග කළේය.
මතුගම මහේස්ත්‍රාත් අධිකරණයේ පොලිස් මූරපොළේදී පොලිස් සැරයන්වරයා ආදාහනාගාර සහායක මගින් මුදල් ලබා ගන්නා අවස්ථාවේදී අත් අඩංගුවට ගත් බව අල්ලස් කොමිසම අධිකරණයට පැවසීය.
ගංජා මත්ද්‍රව්‍ය ළඟ තබා ගත්තේ යැයි අධිකරණය මගින් දඩ නියම කරන ලද යටදොළවත්තේ කුලී වැඩ කරන තරුණයෙකුගෙන් මෙම අල්ලස් ලබාගෙන ඇති බවද සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd