(අමදෝරු අමරජීව )
පුද්ගල පහරදීමක් සම්බන්ධයෙන් සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා පැමිණිලිකරුගෙන් රුපියල් දහදාහක අල්ලස් මුදලක් ඉල්ලා සිටි කින්නියා පොලිසියේ විවිධ පැමිණිලි අංශයේ ස්ථානාධිපතිවරයා එම අල්ලස් මුදල ඔවුන්ට හිතවත් මාළු වෙළඳ ව්‍යාපාරිකයෙකු හරහා පොලිස් ස්ථානය තුලදි ලබා ගැනීමට උත්සාහ ගනිද්දි අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසන් සභාව කියයි.
පැමිණිලිකරුගෙන් ඉල්ලන ලද අල්ලස් මුදල කින්නියා මාළු වෙළෙඳ සැළක් පවත්වාගෙන යන සැකකරුගේ හිතවතෙකු හරහා ලබාගෙන එම හිතවතා පොලිස් ස්ථානය තුළදී එම මුදල ස්ථානාධිපතිවරයාට ලබාදීමට උත්සාහ ගනිද්දී ඊයේ(31) මෙලෙස අත් අඩංගුවට පත්වී තිබේ.
අත්අඩංගුවට පත් වූ සැකකාර උප පොලිස් පරීක්ෂකවරයා කින්නියා ප්‍රදේශයේම පදිංචිකරුවෙකු වන අතර සැකකරු ත්‍රිකුණාමල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd