(මනෝප්රිය ගුණසේකර)
අල්ලස් පනත යටතේ මෙතෙක් ආවරණය නොවු පෞද්ගලික අංශය ඇතුළුව අංශ කිහිපයක්ම අල්ලස් පනත යටතට පත් කරමින් එම අංශද ආවරණය වන අන්දමට අල්ලස් නීතීය සංශෝධන කරමින් නීතී කෙටුම්පත් කරන බව අල්ලස් කොමිසමේ අධ්යක්ෂ ජනරාල් ජනාධිපති නීතීඥ සරත් ජයමාන්න මහතා පැවසීය.
පෞද්ගලික අංශය ඇතුළුව විවිධ අංශ වල අල්ලස් ලබා ගැනීමේ සිද්ධීන් දිනෙන් දින ඉහළ යෑම හේතූවෙන් එම අංශද ආවරණය වන අන්දමට අල්ලස් නීතීය සංශෝධන කිරීම කෙරෙහි අවධානය යොමු කිරීමෙන් අනතුරුව මෙම පියවර ගත් බව ඒ මහතා වැඩිදුරටත් පැවසීය.
මේ සම්බන්ධයෙන් විද්වත් අදහස් ලබාගැනීමෙන් අනතුරව අදාළ අංශද ආවරණය වන අන්දමට නීතී කෙටුම්පත් කිරීමේ කටයුතු මේ වන විටත් නීතී කෙටුම්පත් දෙපාර්තමෙන්තුව විසින් සිදු කරන බව වාර්තා වේ.
ඒ අනුව පෞද්ගලික අංශයේ අල්ලස් ලබා ගැනීම, ලිංගික අල්ලස් ලබා ගැනීම, ක්‍රීඩා අංශයේ අල්ලස් ලබා ගැනීම මෙන්ම විදේශිය රාජ්‍ය සේවකයින් අල්ලස් ලබා ගැනීමේ සිද්ධීන් මෙන්ම එම අංශවල අල්ලස් ඉල්ලීමේ සිද්ධීන්ද ආවරණය වන අන්දමට අල්ලස් නීතීය සංශෝධන කිරීමට පියවර ගෙන ඇතැයි වාර්තා වේ.
මීට අමතරව වත්කම් බැරකම් පණතේද ඇතැම් සංශෝධනයන් සිදුකරමින් එම පණතටද අදාළ වන අන්දමට නීතීය කෙටුම්පත් කිරීමට පියවර ගෙන ඇතැයිදූ වාර්තා වේ.
නීතීය සංශෝධනය කිරීමට අමතරව අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිසම සඳහා බුද්ධි අංශයක් ඇතුළු අළුතින් ඒකක පහක් ස්ථාපනය කිරීමට පියවර ගෙන ඇති බවත් බුද්ධි අංශයට අමතරව අල්ලස් කොමිසම සඳහා විශේෂඥ විමර්ශන ඒකකයක්, විශේෂ නිවාරණ අංශයක්, වෝහාරික පරිගණක අංශයක්, වින්දිතයින් හා සාක්කිකරුවන් ආරක්ෂා කිරීමේ ඒකකයක්ද ස්ථාපනය කිරීමට පියවර ගෙන ඇති බවත් වාර්තා වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වරදට දඬුවම රුපියල් 1000ද?
ඩ්‍රයිවින් ලයිසන් නිකුත් කරන තැනට ගියොත් කාක්කන්ගේ වැඩ බලාගන්න පුළුවන්...
අල්ලස් පනත යටතේ මෙතෙක් ආවරණය නොවූ පෞද්ගලික අංශය ඇතුළුව අංශ කිහිපයක්ම අල්ලස් පනත යටතට පත්කරමින් එම අංශද ආවරණය වන අන්දමට අල්ලස් නීතීය සංශෝධන කරමින් නීතී කෙටුම්පත් කිරීම අගයකළ යුතුය. ලෝකයේ ප්‍රබල දියුණු රටවල පෞද්ගලික අංශය මගින් කරනු ලබන මහා පරිමාණ ව්‍යාපාර දේශීය හෝ විදේශීය සමාගම් (සමාගම් සම්බන්ධවීම්, එක සමාගමක්, තවත් සමාගමක් මිලදී ගැනීම්) වල සිදුවන ගනුදෙනු නියමාකාරයෙන් සිදුවන බවට සොයාබැලීමට පමණක් නොව රජයට ලැබිය යුතු මුදල් " tax " රජයට නියමාකාරයෙන් ලැබෙනවද? කියා සොයාබැලීම සඳහාත් ප්‍රබල ආයතන පිහිටුවා තිබේ. එසේ නියමාකාරයෙන් ගනුදෙනු නොකරන ආයතන සඳහා පමණක් නොව එම ආයතන අයිතිකරුවන්, ප්‍රධානින් හට නීතියෙන් වැරදිකරුවන් කර දඩ මුදල් අයකර ගැනීම පමණක් නොව නීතිය මගින් දඬුවම් පවා කරනු ලැබේ. මෙම ප්‍රබල ආයතන මගින් මෙම ව්‍යාපාරයේ හිමිකරු කොතරම් ප්‍රබලයෙක්ද කොතරම් බලවත් පුද්ගලයන් සමග සම්බන්ධතා පවත්වන්නේද කියා අදාල නැත. එම ආයතනවල රාජකාරිය නියමාකයයෙන් සිදුවේ. ලංකාවේත් මෙවැනි ගනුදෙනු කරන කෝටිපති ව්‍යාපාරිකයන් සහ ව්‍යාපාර සහ ඔවුන්ගේ ක්‍රියාවලින් ගැන අල්ලස් කොමිසමේ අවධානය යොමුවිය යුතුය.
බැංකු කොල්ලයෙන් සල්ලි ලබාගෙන පාදසටහන් දැමු අයත්, කොල්ලකරුවන්ගේ සල්ලිවලින් ගෙවල් ගත්ත අයත් අසුවෙන ආකාරයට සංසෝදනය කරන්න.