සුජිත් හේවාජුලිගේ
වරාය නාවික හා ගුවන් සේවා අමාත්‍ය ධුරයෙන් පසුගියදා ඉල්ලා අස්වූ නිමල් සිරිපාල ද සිල්වා මහතා එම අමාත්‍ය ධුරයේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරියේ අද (2) පෙරවරුවේ නැවතත් දිවුරුම් දීමට නියමිතව ඇතැයි වාර්තා වේ.
නිමල් සිරිපාල ද සිල්වා මහතාට ජනාධිපති ලේකම් කාර්යාලයට අද (2) උදේ පැමිණෙන ලෙස ඊයේ (1) දැනුම්දීමක් ද කර තිබිණි.
අමාත්‍යවරයකු විසින් ජපාන සමාගමකින් අල්ලස් ගන්නා ලදැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් ස්වාධීන විමර්ශනයක් පැවැත්වීම සඳහා අවස්ථාව උදාකර දීමේ අරමුණින් නිමල් සිරිපාල ද සිල්වා මහතා එම අමාත්‍ය ධුරයෙන් පසුගිය මස 6 වැනිදා ඉල්ලා අස්විය.
එම පරික්ෂණ කොමිෂන් සභාවේ වාර්තාව ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතාට පෙරේදා (30) බාරදුන් අතර නිමල් සිරිපාල මහතා ඒ චෝදනාවට නිර්දෝෂී බව කමිටු වාර්තාවෙන් පෙන්වාදී ඇතැයි ආරංචි මාර්ගවලින් පැවසෙයි.
ඔහුට අමාත්‍ය ධුරය නැවත පිරිනැමෙන්නේ ඒ අනුව බව ආරංචි මාර්ග සඳහන් කරයි.
කැබිනට් අමාත්‍යවරයකු ජපානයේ තායිසේ සමාගමෙන් අල්ලසක් ලබාගෙන ඇතැයි විවිධ පාර්ශ්වවලින් පසුගිය කාලයේදී චෝදනා එල්ල වූ අතර විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ද පාර්ලිමේන්තුවේදී ඒ පිළිබඳව චෝදනා කළේය.
ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපතිවරයාව සිටියදී එම සිද්ධිය සම්බන්ධයෙන් පරික්ෂණයක් පැවැත්වීමට තීරණය කළ නමුත් තනතුරෙන් ඉවත්වීම නිසා එම කටයුත්ත සිදු නොවීය.
පසුව නිමල් සිරිපාල ද සිල්වා මහතා කළ ඉල්ලීමක් අනුව වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඒ පිළිබඳව පරීක්ෂණ පැවැත්වීම සඳහා ත්‍රිපුද්ගල කමිටුවක් පත් කරනු ලැබීය.
විශ්‍රාමික මහාධිකරණ විනිසුරු කුසලා සරෝජනී වීරවර්ධන මහත්මියගේ සභාපතිත්වයෙන් යුතු එම කමිටුවේ සෙසු සාමාජිකයන් ලෙස විශ්‍රාමලත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එස්.එම්. වික්‍රමසිංහ සහ පරිපාලන සේවයේ විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නිලධාරියකු වූ එස්. එම්. ජී. කේ. පෙරේරා යන මහත්වරු කටයුතු කළහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒකනේ කියන්නේ... මේ උත්තමයෝ කවදාවත් ඒ වගේ වැඩ කරනවද? බලන්න පිරිසිදු සුදු ඇඳුමින් සැරසිලා උපාසක මහත්තුරු වගේනේ ඉන්නේ. හීනෙකින්වත් ඒ වගේ වැරැද්දක් හිතන්නේ වත් නැහැ.
ඔන්න රනිල්ගේ හොරුන් රැකීමේ ප්‍රථම රාජකාරිය. දැන් ඉතින් 134 ම ගොඩ වගේ.
ඔන්න ඔහොමයි දැන් තීන්දු තීරන වෙන්නෙ. මාස 4ක් තිස්සේ එක එකාගේ අනසකට, කුලියට, මත් ද්‍රව්‍ය වලට ලොබවී අරගල කරලා "Gota go home "කියල එතුමව එලව ගත්ත වුන් දැන් එක එකා අත්අඩංගුවට. සම හරක් සහ එළ දෙන්නු දැන් ඉන්න තැනක් වත් නෑ නිහඞ වෙලාද? නිහඞ කරලාද. අරගලයේ මහා මොල කරුවන් වගේ කිසිම නායක කමකට, කිසිම සුදුසු කමක් නැති රස්තියාදු කාරයින් ඉස්සරහටම ඇවිත් තර්ඡන කලා දැන් ඉන්න ඡනපතිටත්. හනේ හපෙයි, ඔවුන් ඒ කලෙත් රුපියල් කෝටියකට දෙකකට ඇති කෑදර කමට. අවසානයෙදි සිදු වූයේ කුමක්ද? හරියට සාපයක් වගේ. උඹලව බේර ගන්න කවුද දැන් ඉදිරිපත් වෙන්නෙ. මොල තියෙන වුන් හොඳට හිතල බලපල්ලා, මේ සැලැස්මේ මුලින්ම ඉන්නේ කවුද කියල. ඒත් මොනා කරන්නද. දැන් පමා වැඩියි. අපේ රටට තෙරුවන් සරණයි!
මේවා දකිද්දී ඇත්තටම හිතෙන්නේ ලංකාවේ මිනිස්සු මෙච්චර කල් ඇන්දිලා තියෙන්නේ හරක් රෑනක් වගේ...
අනේ බලන්න ඉතින් මේ අහිංසක ඇමති තුමාට බොරු චෝදනා කරන හැටි. ඉන්නේ ඔහේ මේ පාරත් ඇමති කමක් දීලා දාමු. මෙහෙම උන් කප්පම් ඉල්ලන්නේ තමන් ගිහින් නෙමෙයි. ලංකාවේ මිනිස්සුන්ට කරපු දේවල් වලට ඔබලාට.... එක්කෝ ඕනේ නෑ
සිරිසේන ගොන් කොන්ත්‍රාත්තුව පුස් වෙඩිල්ලක් බවට පත්විය. අපහාස නඩුවක් ගොනුකළොත් කුමන්ත්‍රණයේ අගමුල හොයාගන්නට පුළුවන්...
කොච්චර කාර්යක්ෂම රාජ්‍ය සේවයක් ද අපිට තියෙන්නේ.. බලන්න ඒ මැතිදුන්ට චෝදනාව ආවා .. පරීක්ෂණ කළා .. මාස දෙකෙන් විසදුම් දුන්න... ඒ උතුමාට දියුරුම් දෙන්න පුළුවන් දැන්...
Project එක නතර වුනා නිමල් නිදහස් උනා
අහන්නත් දෙයක්ද? අනේ රනිල්ගේ ආණ්ඩුව...
ඒකනේ, අපේ ඇමතිලා එහෙම කරයිද?
රනිල් වික්‍රමසිංහ මහතා අගමැති කාලේ මහා බැංකු හොරකම ගැනත් ඒ පිළිබඳව පරීක්ෂණ පැවැත්වීම සඳහා කමිටුවක් පත් කලා. ඒ කමිටු වාර්තාවෙන් කිව්වෙත් එහෙම හොර කමක් උනේ නැහැ කියල.
බැඳුම්කර මගඩිත් ඔය වගෙ නිදහස් කිරිමෙ මගඩි ඇපි දැක්ක
මහ බැංකුව කඩලත් බේරුන එකේ, මෙහෙම නොවුනොත් තමයි පුදුමෙ. එත් කප්පම් අරගෙන වරදි කරු වෙලා ඇමතිකම් කරන්න පුලුවන්නම් ඔක මොකක්ද සිරිපාල..
උපත 1944 සැප්තැම්බර් 6.. වයස අවුරුදු 77යි.
අපි දැන් බලන් ඉන්නේ ඔයකියන ජපාන සමාගමට විරුද්දව අපහාස නඩුව දානකම්.
මෙයාව ඇල්ලුවොත් එයා අනිත් ඔක්කොමගේ ෆයිල් දිගඅරිනවා... ඊට වඩා ලේසි ඒවා නිදහස් කරලා ඇඟ බේරගන්න එක... හොරු වෙනුවෙන් හොරු කියන්නේ මේකට...
දැන්නම් මේ පාර්ලිමේන්තුව අප්‍රසන්නයි. ඡන්දයක් ආවොත් මේ හොරු ටික ගෙදර යවන්න. ඡන්දෙ ඉල්ලන්න එන්නේ හොරු අල්ලන්න. අල්ලන හොරෙක් නෑ. ඊළඟට එන උනුත් එන්නේ හොරු අල්ලන්න. අල්ලන එකෙක් නෑ,
පුළුවන්නම් කමෙන්ට් වලට රිඇක්ට් කරන්න පුළුවන් විදියක අප්ඩේට් එක්ක දෙන්න සයිට් එකට. මොකද කමෙන්ට් වලට හිනා වෙනවද, කේන්ති ගන්නවද කියල රිඇක්ට් කරන්න තිබුණා. සමහර කමෙන්ට් වලට ලයික් අන්ලයික් කරනවට වඩා දේවල් කරන්න හිතෙනව. (මේ නිවුස් එක ගැන විතරක් නොවේ
ඔය ජපන්නු කට ඇරියොත් කියන්නේ බොරු...
ඕක පුදුම වෙන්න දෙයක් නෑ. ලොකුම හොරුන්නේ මූලාසනය අරගෙන තියෙන්නේ..!
ඔය තියෙන්නේ සද්දෙත් එක්කම... මං හිතන්නේ සිරිපාලයට එතැනත් නින්න යන්න ඇති...!
සිරිපාල දොරේ කියන්නේ මෙන්න මේවට..!
දැන් බලපුවාම පගාව ඉල්ලපු කෙනෙක් නැහැ එහෙනම්... ඇමැතියෙක් පගාව ඉල්ලුවා කියලා ජපන්නු කියන්නේ මෙතන හිටපු අනිත් ඇමැති කව්ද? මම පගාව එයාගෙන් ඉල්ලුවා. එයා පගාව මම වගේ කෙනෙක් ඉල්ලුවා කිව්ව වගේ දෙයක්... අද වෙනකොට එක ඇමතියෙක් වරදකට හිරේ ගිහින් නැහැ. හැබැයි රට බංකොළොත් කළෙත් ඔවුන්මයි.
කවදාද 1957න් පසුව දේශපාලකයෙක් ලංකාවේ වැරදිකරුවෙක් වුනේ...? වැරදිකරුවෙක් වුණත් ජනාධිපති සමාව ලැබෙනවා.. අල්පොන්සෝට සමාව දෙනවා කියන්නේ. කෝ අරගල කාරයින් ඊට විරුද්ධව කුමක් කියනවද?
යාන්තම් ආණ්ඩු පක්ෂයේ හිටිය නිසා අල්ලස් චෝදනාවෙන් බේරුනා.
දේශපාලුවෝ කියන්නේ කිසිම වරදක් නොකරන ශුද්ධවන්තයෝ කියලා හිතගෙන ඇත්තේ?
ලංකාවේ මන්ත්‍රිලාට, ඇමැතිලාට පුළුවන් ඕනෙම දෙයක් කරන්න. කප්පම් ගත්තා කියලා සාධාරණ සැකයකින් තොරව ඔප්පුවෙලා අච්චු කරපු කෙනෙක්ව අද පාර්ලිමේන්තුවේ ඉන්න එකේ, ඔබතුමාත් ඒකට ආවේ නැතිනම් හොරු සෙට් එක සම්පූර්ණ වෙන්නේ නැහැ.. කුණු එකතු වෙන්නේම කුණු ගොඩට කියලා කතාවකුත් තියෙනවනේ..!
ජපන්නු වගේද සිරිපාල...? අපේ ඇමැතිලාට ලෝකෙ පුරා තරු 5 හෝටල් 2-3 ආසියාවේ තිබෙන ලොකුම වී මෝල්... තව කොපමණ දේවල් තියෙනවද? ජපානයේ ඇමැතිලාට ඒවා තිබෙනවද?
දැන් ජපානෙන් ඉස්සරහටත් ආධාර දෙයි හොඳටම... මේ වංචා, දූෂණ දෙක දෙක ලංකාවට සල්ලි දෙන්න එන්නේ වැඩි පොළියට ලොකු කොමිස් කුට්ටිත් එක්ක ණය දෙන චීන්නු විතරයි. මේ තක්කඩි මේ සෙල්ලම් කරන්නේ මිලියන 22 මිනිස්සුන්ගේ ජීවිත එක්ක.
නඩුත් හාමුදුරුවන්ගේ බඩුත් හාමුදුරුවන්ගේ...
කෙටියෙන්ම කියනවා නම් හොරුන්ට ගිය රටක්. හිටපු විඝනකාධිපති කියනවා වයිමාගෙන් අහන්න ඕනේ කියලා. දේශපාලකයින්ගේ මංකොල්ලකෑමෙන් ජනතාව හිඟමනට පත්ව ඇතත් දේශපාලකයින් සහ ඔවුන්ගේ සගයන් ධන කුවේරයන් වී ඇත. භාණ්ඩාගාරය හිස්ව ඇතත් හොරැ හිරගෙදර නැතත් එකම හොරා රංජන් රාමනායක පමණක් හිරගෙදරය. අරගලකරුවෙනි, ඔබලා සාධාරණයි. රටක් තවදුරටත් වංචනිකයින් අත නොතිබිය යුතුයි. ඔබ එයට ඉඩ තබන්නේ නම් එය බරපතල වරදකි. අපේ දරුවන් අපට ශාපකිරීමට අප ඉඩ නොතැබිය යුතුයි. මංකොල්ල කරුවන්ගෙන් රට මුදාගැනීම ජනතාවගේ යුතුකම වගේම වගකීමයි...
බඩුත් සිරාගේ නඩුත් සිරාගේ. නව රජයක් නව ජනාධිපතිවරයෙක් පත්වූ පසු මේ නඩුව නැවත පටන්ගන්නවා. සාක්ෂි ඇතිවම මෙය ඔප්පු කරනවා. මේ හාදයා ඉස්සර සෞඛ්‍ය ඇමැති කාලේ කරපු හොරකම් ඔක්කොම සැඟවූවා... පිට රටවල සිටින ඔහුගේ සහෝදරයින්ගේ ආපන ශාලාවලට කෝටිගණන් ඒ මුදල් යොදවලා තියෙන්නේ...!
ජපානයට බොරු කියන්න අවශ්‍යතාවයක් නැහැ.. වයස 80 විතර වෙලත් පගා ගහන එක නවත්වා ගන්න බැහැ.
මේ වැදගත් වන්නේ හෘද සාක්ෂියෙන්ද නිදහස් වූ දාටයි...
අනේ ෂෝක්... !
අරගලයට ජයවේවා...!
අයියෝ...! සිරිසේන..!
ලොක්කට පින් සිද්දවෙන්න මෙදාපාර බෙරුනා. මිටපස්සෙ ඉල්ලන දෙයක් ගෝලයොදාල ඉල්ලන්න. නම කැත නොවෙන විදියට.