(අමදෝරු අමරජීව )

විදෙස් ගතවීමට පොලිස් නිශ්කාෂණ වාර්තාවක් ලබාදීමට නිලාවේලා ප්‍රදේශයේ කාන්තාවකගෙන් අල්ලස් මුදලක් ගැනීමට සූදානම්වු පොලිස් සැරියන්වරයෙකු ඊයේ (16) පස්වරුවේ  අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව කියයි.

නිලාවේලි පොලිස් ස්ථානයේ සේවය කරන සැකකාර සැරයන්වරයා පොලිස්  වාර්තාව ලබාදීමට අල්ලසක් ඉල්ලා ඇති බවට ලද පැමිණිල්ලක් අනුව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ වැටලීම් අංශයේ නිලධාරීන් පැමිණිලිකාරියගේ නිවසේදී එම අල්ලස් මුදලට ගැනීමට සූදානම් වෙද්දී අත්අඩංගුවට ගෙන තිබුණි.

 සැකකාර සැරයන්වරයා එරාවුර් ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර දැනට කින්නයාා, මාංචෝලේ ප්‍රදේශයේ තාවකාලිකව පදිංචි වී සිටි. සැකකාර සැරයන්වරයා කුච්චවේලි සංචාරක මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.