
(රෝෂන් තුෂාර)
අත්අඩංගුවට ගත් පුද්ගලයකුට එරෙහිව නීතිය ක්‍රියාත්මක නොකර සිටීමට රුපියල් 454,200ක මුදලක් ලබා ගත්තේ යැයි කියන කොළඹ අපරාධ කොට්ඨාසයේ පොලිස් පරීක්ෂකවරක සහ කොස්තාපල්වරයා ලබන 08 දින දක්වා බන්ධනාගාරගත කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් පවිත්‍රා සංජීවනීය පතිරාජ මහත්මිය අද(06) නියෝග කළාය.
පළමුව රුපියල් ලක්ෂ තුනක මුදලක්ම ලබාගෙන ඉතිරී රුපියල් 154,200 අපරාධ කොට්ඨාසය තුළදී ලබා ගැනීමේදී සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත.
ඉබ්බාගමුව දෙහෙල්ගමුව ප්‍රදේශයේ පදිංචිකරුවකු විසින් සිදු කරන ලද පැමිණිල්ලකට අනුව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම මගින් ඊයේ දිනයේදී සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරුවන් සඳුදා දින කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කරන ලෙසද මහේස්ත්‍රාත්වරිය නියම කළාය.
මාර්ගගත ක්‍රමය ඔස්සේ සිදු කරන ලද මුදල් මිලට ගැනීමේ හා විකිණීමේ ව්‍යාපාර මඟින් මගින් පුද්ගලයන් දෙදෙනකු සමග සිදු කරන ලද ගනුදෙනු තුනකට අදාලව වංචනික ලෙස වෙනත් ගිණුමකින් මුදල් හුවමාරු කිරීමට අදාළව කොළඹ අපරාධ කොට්ඨාසය මගින් සිදු කරන ලද විමර්ශන කටයුතුවලදී කටයුතුවලදී ඉහත ගිණුම්වලින් වංචනික ලෙස මුදල් මාරු කරන ලද පුද්ගලයන් දෙදෙනකු අත්අඩංගුවට ගෙන ණය පැමිණිලිකාර පුද්ගලයා අධිකරණය ට ඉදිරිපත් නොකර සිටීමට නම් රුපියල් 4.54,200/=ක මුදලක් අවශ්‍ය බව පවසා එකී මුදලින් ලක්ෂ තුනක මුදලක් පළමුව ලබාගෙන තිබූ බව පොලිසිය කියයි.
සැකකරුවන් ඉතිරි මුදල් කොළඹ අපරාධ කොට්ඨාසය තුළදී ලබා ගනිද්දි අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
(ඡායාරූප: ගයාන් අමරසේකර)
Related News
2024 ජුලි 05:-

2025 දෙසැම්බර් මස 18
561
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
278
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1079
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
අල්ලස් ගත් පොලිසියේ දෙකක් රිමාන්ඩ්
SAMARAPALA Saturday, 06 July 2024 03:42 PM
ඕක තමයි පුතේ කියන්නේ කුම්බලා මලු කෑවනම් දුක විඳපන් බල්ලෝ කියල . දැන් ඉතින් මුළු රටම දැනගත්තනෙ උඹලගේ පජාති වැඩේ . පවු බන් අසරණ පුංචි උන් විඳවනවා. අනිත් අයත් මේවා දැකල හැදියල්ල .
NimalSunday, 07 July 2024 08:35 AM
හරියට හරි .හොර වැඩක් කරන්න කලින් ළමයි ගැනවත් හිතපල්ලා.