IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


අල්ලස් ගත් ගොවි සමිතියේ ලේකම් රිමාන්ඩ්

(රෝෂන් තුෂාර)

ගල් ඇඳිවල හාල් වැවේ වැව් බැම්ම ප්‍රතිසංස්කරණය කළ කොන්ත්‍රාත්කරුගෙන් රුපියල් ලක්ෂ දෙකක මුදලක් ඉල්ලා ලක්ෂයක අල්ලසක් ලබා ගත්තේ යැයි කියන හිඟුරක්ගොඩ පරාක්‍රම ගොවි සමිතියේ ලේකම්වරයා ලබන 10 වෙනි දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා අද(27) නියෝග කළේය.

අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම් මගින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ කමල් දිසානායක නැමැති සැකකරු මෙසේ බන්ධනාගාර ගත කළේය.

වැව් බැම්ම පිළිසකර කිරීම සඳහා රජයෙන් ලක්‍ෂ 16ක මුදලක් කොන්ත්‍රත්කරුට ගොවි සමිතිය හරහා ලබා දී ඇති බවත්,ගොවි සමීතියට හිමි විය යුතු සියයට පහක කොටස තබාගෙන ඉතිරි රුපියල් 1587400.00 මුදල නිදහස් කර දීම සඳහා ලක්ෂ දෙකක අල්ලස් මුදලක් ඉල්ලා ඇති බව අල්ලස් කොමිසමේ නිලධාරීන් අධිකරණයට කරුණු ඉදිරිපත් කරමින් පැවසීය.

කොන්ත්‍රාත්කරු විසින් කොමිසමට කරන ලද පැමිණිල්ලක් අනුව උපාය දූතයින් යොදවා සැකකරු අත්අඩංගුවට ගත් බව ද කරුණු ඉදිරිපත් කළේය.

 



අදහස් (0)

අල්ලස් ගත් ගොවි සමිතියේ ලේකම් රිමාන්ඩ්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 634 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 305 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1103 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site