(නිමන්ති රණසිංහ)
යකඩ බඩු එක්රැස් කරන ස්ථානයක නිති විරෝධී සොරබඩු සන්තකයේ තබාගෙන සිටින බවට සඳහන් කරමින් නීති මගින් කටයුතු නොකර සිටීමට රුපියල් 15000ක් අල්ලස් මුදලක් ඉල්ලා ලබාගත්තැයි අල්ලස් කොමිසම අත්අඩංගුවට ගත් වත්තල පොලීසියේ කොස්තාපල්වරය ලබන 29 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස වැඩබලන කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් චන්දිම ලියනගේ මහතා අද (22) නියෝග කළේය.
මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගතකරනු ලැබුවේ දොඩම්ගොඩ පදිංචි වත්තල පොලීසියට අනුයුක්තව රාජකාරි කළ පොලිස් කොස්තාපල් 52429 මාලිමගේ කුසුම් හේමන්ත කුමාර නමැත්තාය.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට පැමිණීල්ලක් කර තිබුණේ හැඳල, බලගහවත්ත ප්‍රදේශයේ පැරණී යකඩ මිලදී ගෙන අළෙවි කරන ස්ථානයක හිමිකරුවකු විසිනි.
පැමිණීලිකරු විසින් පවත්වාගෙන යනු ලබන පැරණී යකඩ මිලදීගෙන අළෙවිකරන ව්‍යාපාරයේ සොර බඩු මිලදී ගෙන විකුණන බව පවසා ඒ සදහා නිති මගින් කටයුතු නොකර සිටීමට සහ අදාළ ව්‍යාපාරය කරදරයකින් තොරව ඉදිරියට පවත්වාගෙන යාම ඉඩ සලසා දීම වෙනුවෙන් සැකකාර පොලිස් කොස්තාපල්වරයා අදාළ අල්ලස් මුදල ඉල්ලා ඇතැයි සදහන් වන බව අල්ලස් කොමිසම අධිකරණයට දැනුම් දුන්නේය.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
අල්ලස් ගත් කොස්තාපල් රිමාන්ඩ්