
(රෝෂන් තුෂාර)
ප්‍රාදේශීය සභාවේ අනුමැතියකින් තොරව ඉදිකළ නිවසක් සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක නොකර සිටීමට රුපියල් තුන් ලක්ෂ පනස් දහසක අල්ලසක් ඉල්ලා 60000 මුදලක් නිවෙස් හිමිකාරියගෙන් ලබා ගත්තේ යැයි කියන කිලිනොච්චි - කරච්චි ප්‍රාදේශීය සභාවේ ආදායම් පරීක්ෂකවරුන් දෙදෙනා ලබන විසි හත දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා අද (13) නියෝග කළේය.
කරච්චි ප්‍රාදේශීය සභාවේ අනුමැතියකින් තොරව ඉදිකළ නිවසක් සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක නොකර සිටීමට රුපියල් තුන් ලක්ෂ පනස් දහසක මුදලක් ලබා දෙන ලෙස ඉල්ලා පසුව එම මුදල රුපියල් ලක්ෂය දක්වා අඩුකර එයද ලබාදීමට අපහසු බව පැවසූ පරිදි රුපියල් 60000 දක්වා අඩුකර එය ලබා ගැනීමට පැමිණි අවස්ථාවේදී අත් අඩංගුවට ගත් බව අල්ලස් කොමිසම අධිකරණයට කරුණු ඉදිරිපත් කරමින් සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd