
(සුජිත් හේවාජුලිගේ)
සමාජ මාධ්‍ය ඔස්සේ පසුගිය දිනවල තොරතුරු හෙළිදරව් කෙරුණු ආණ්ඩුවේ මැති ඇමතිවරුන්ගේ ආන්දෝලනයට තුඩු දුන් වත්කම් සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව ඉදිරි දිනවල පුළුල් විමර්ශන ආරම්භ කිරීමට නියමිතය.
මේ සම්බන්ධයෙන් අප කළ විමසුමකදී අදහස් දැක්වූ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ උසස් නිලධාරියකු පැවසුවේ පනතට අදාළව ලැබෙන සෑම පැමිණිල්ලක්ම විමර්ශන කරන බවයි.
ආණ්ඩුවේ මැති ඇමතිවරුන්ගේ වත්කම් සම්බන්ධයෙන් සොයා බලන්නැයි ඉල්ලමින් ඉදිරි දිනවල අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවටපැමිණිලි සියයකට අධික සංඛ්‍යාවක් කිරීමට සමගි ජන බලවේගය ඇතුළු විපක්ෂයේ දේශපාලන පක්ෂ තීරණය කර ඇත.
මේ අතර ආණ්ඩුවේ මැති ඇමතිවරුන්ගේ වත්කම් සම්බන්ධයෙන් ලබන සතියේ පාර්ලිමේන්තුවේදී දීර්ඝව ප්‍රශ්න කිරීමට සමග ජන බලවේගය ඇතුළු විපක්ෂයේ දේශපාලන පක්ෂ බලාපොරොත්තු වෙයි
මෙම ප්‍රශ්න කිරීම් හේතුවෙන් මැති සබය උණුසුම් මුහුණුවරක් ගනු ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේය.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වන සමග ජන බලවේගයේ කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී නීතිඥ දයාසිරි ජයසේකර මහතා පැවසුවේ ආණ්ඩුවේ ඇතැම් මැති ඇමතිවරුන්ගේ වත්කම් සහ ඔවුන්ගේ දේපළ සහ ඔවුන් සිය දේපළ සම්බන්ධයෙන් මුලින් කර ඇති විවිධ ප්‍රකාශ අතර බරපතළ සැක සහිත වෙනස්කම් පවතින බවයි.
ආණ්ඩුවේ ඇතැම් ඇති ඇමැතිවරුන්ගේ වත්කම් පිළිබඳව පසුගිය දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ තොරතුරු හෙළිදරව් වීමෙන් සමාජයේ දැඩි කතාබහක් ඇතිවිය. සියවත්කම් සම්බන්ධයෙන් එම ඇමතිවරුන් කරුණු ගෙනහැර දැක්වුවද බොහෝ පාර්ශ්ව එම ප්‍රකාශ පිළිගන්නා තත්ත්වයක් පෙනෙන්නට නැත.
මේ අතර සමහර මැති ඇමැතිවරුන් ඇතුළු රජයේ සේවකයන් වත්කම් බැරකම් ප්‍රකාශ පැරණි සැකැස්මට පුරවා ඉදිරිපත් කිරීමෙන් කොමිසම ගැටලුකාරී තත්වයකට මුහුණ දී සිටින බව වාර්තාවේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජනාධිපති අරමුදලින් කාපු ඇමැතිලා මේ ආණ්‌ඩුවේ ඉන්නවා නම් එලවන්න ඕනෑ. විපක්ෂයේ ඉන්නවා නම් ඉල්ලා අස්වෙනු...
මෙතන කිසිම අවුලක් නැහැ.., මෙතැන අවුල පගාවට, කොමිස් ගැහිල්ලට, ජනපති අරමුදලින් සල්ලි ගන්න කප් ගහපු ස ජ බ , පොහොට්ටුව, එ ජා ප සට්ටැඹියන්ට අවශ්‍ය වෙලා තියෙන්නේ රටට පෙන්නන්න, ජ ජ බ වේගයේ අයියලාත් අපි වගේ කියලා, හොදම දේ පාර්ලිමේන්තුවේ කාලේ කන්නේ නැතිව. තමන් අත කරුණු තියෙනවන්, කෙලින්ම ජ ජ බ වේගයේ ඇමතින්ට මන්ත්‍රින්ට අල්ලස් කොමිසමට පැමිනිලි කරලා, උසාවියේ නඩු ෆයිල් කරන එකයි. බොරුවට පාර්ලිමේන්තුවේ කෑගහලා වැඩක් නැහැ... අපරාදෙ කාලේ...
දයාසිරි ජයසේකර ජී එල් පීරිස් වරක් පේෂකර්ම ඇමැතිවෙලා ඉන්න කාලේ, මොන රජය යටතේද කියලා මතක නැහැ. ඔහුගේ ලේකම් ලෙස කටයුතු කළා. එකල ඔය දයාසිරි ගොයියා ඇගලුම් කර්මාන්තවලට දෙන්න ගෙනා තීරුබදු රහිත රෙදි කෝටා, පිටකොටුවෙ මුදලාලිට විකුණලා කෝටි ගණන් අයථා ලෙස හම්බ කෙරුවා කියලා, ජි අල් පිරිස් මහත්තයා දයාසිරි ජයසේකරට පාර්ලිමේන්තුවේදි චෝදනා කළා. මේ සම්බන්ධවත් හොයන්න පුළුවන් නම්, ඔය සුදනා වෙන්න යන දයාසිරි ජයසේකරව නිරුවත් කරන්න පුළුවන්...
එක ඇමති කෙනෙක් වත්කම් ප්‍රකාශයේ දාලා තියෙනවා නිවාස දේපල වටිනාකම මිලියන 6ක් කියලා. මේ කාලේ මිලියන 6ක් කියන්නේ සුළු මුදලක්. ඒ වගේ නිවාසයක් තියා හරි හමන් ඉඩමක් ගන්නවත් මදි. ඉතින් ඔය වත්කම් ප්‍රකාශ නිවැරැදි තක්සේරු නොවෙයි...
හොර රැලක් ප්‍රශ්න අහන්න බලාගෙන ඉන්නවා කිව්වාම කොහෙන් හිනාවෙන්නද මන්දා... අල්ලස් කොමිසමට රජයද, විපක්ෂයද කියලා නෑ. නිදහසේ වැඩ කරන්න පුළුවන් පරිසරයක් NPP රජය හදලා තියෙන්නේ...
ඔක්කොටොම හොරු හොරු කිය කිය හිටියා. අන්තිමට රෙද්දේ තුත්තිරි.. කැට හොල්ල හොල්ල සම්මාදමේ ගිය ඒවා එළිවෙන වෙලාව...