( රංජන් කටුගම්පොළ සහ තීළිණි ද සිල්වා )
සිවිල් ගුවන් සේවා අමාත්‍යවරයා ලෙස කටයුතු කළ අවධියේ සිය බලය අයුතු ලෙස පරිහරණය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් රාජ්‍ය අමාත්‍ය ප්‍රියංකර ජයරත්න මහතාට එරෙහිව අල්ලස් කොමිසම අද (6) කොළඹ මහාධිකරණය හමුවේ යළිත් නඩුවක් පවරන ලදී.
2014 වසරේ මැයි මස 21 දා විත්තිකාර ප්‍රියංකර ජයරත්න මහතා සිවිල් ගුවන් සේවා අමාත්‍යවරයා ලෙස කටයුතු කළ අවධියේ ශ්‍රී ලන්කන් කේටර්ස් සමාගමට අයත් රුපියල් තුන් ලක්ෂ තිස් දහසක මුදලක් මාරවිල පිහිටි ගම්බද කේටර්ස් නමැති සමාගමට ගෙවන ලෙස ශ්‍රී ලන්කන් කේටර්ස් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරියා පෙළඹවිම තුළින් අල්ලස් පනත යටතේ වරදක් සිදුකර ඇතැයි චෝදනා කරමින් අල්ලස් කොමිසම විසින් රාජ්‍ය අමාත්‍ය ප්‍රියංකර ජයරත්න මහතාට එරෙහිව මීට පෙර නඩුවක් පවරනු ලැබ තිබිණි.
මෙම නඩුව ඉකුත්දා කොළඹ මහාධිකරණය හමුවේ කැඳවනු ලැබූ අවස්ථාවේදී අල්ලස් කොමිසමේ නීතිඥවරිය අධිකරණය දන්වා සිටියේ මෙම නඩුව ගොනු කර තිබෙන්නේ අල්ලස් කොමිසමේ කොමසාරිස්වරුන් තිදෙනාගේ ලිඛිත අනුමැතිය නොමැතිව හෙයින් නැවත නඩු පැවරීමේ අයිතියට යටත්ව එය ඉල්ලා අස්කර ගැනීමට අවසර දෙන මෙන් ඉල්ලා තිබිණි.
එම ඉල්ලීම පිළිගත් මහාධිකරණ විනිසුරුවරයා අධි චෝදනා පත්‍ර ඉල්ලා අස්කර ගැනීමට අල්ලස් කොමිසමට අවසර දී පසුව විත්තිකාර පියංකර ජයරත්න මහතා නිදහස් කිරීමට ද නියම කර ඇත.
ඒ අනුව ප්‍රියංකර ජයරත්න මහතාට එරෙහිව අල්ලස් කොමිසම විසින් අද එම කරුණට යළි නඩු පවරන ලදී.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ටියුබ් ලයිට් අධිකරණය...
විධායක නිලධාරියා පෙළඹවීම තුළින් අල්ලස් පනත යටතේ වරදක් සිදුකර ඇතැයි චෝදනා කරමින් නඩු දාන්න ඔලුව හොඳ නැද්ද? එයා බබෙක්ද? මේ නීතිය ක්‍රියාත්මක කරන ආයතන නාස්ති කරන්නේ රටේ මහජන මුදල්... මෙවැනි නිලධාරින් විශාල දඩ ගහන්න ඕන මේ වගේ විකාර අරන් එනවට...
ඔව් මෙයා අපිට මතකයි අවුරුද්දට කිහිප සැරයක් යුරෝපයේ එනවා. ඒ අාවම නැවතිලා ඉන්නේ තරු පහේ හෝටල් වල, ලංකාවට යනකොට විස්කි කේස් ගණන් අරන් යන්නේ.. අැයි ඉතින් යන්නේ මේ හොරු සේරම රතු පළසෙන්නේ... ඉතින් මොවුන්ව කවුරුවත් චෙක් කරන්නේ නැහැ. ඒ කරපු එකා ඉවරයි...!!! මෙය ගුවන් සේවා ඇමති වෙලත් හිටියනේ..!!! යුරෝපේ ඉන්න අපි හැමෝම දන්නවා මෙයාගේ කෙරුවාව...!!! අනිවාර්යයෙන් දඬුවම් දෙන්න ඕනෑ. අනික් මිනිස්සුන් පොඩි වරදක් කළත් දැඩි දඬුවම් දෙනවනේ...