(ඉන්දිකා රාමනායක)
අරලගංවිල දම්මින්න ප්‍රදේශයේ පුද්ගලයෙක් ඊයේ (26) පස්වරුවේ වල් අලියකුට තැබූ වෙඩි ප්‍රහාරයක් කාන්තාවකට වැදී ඇය බරපතල තුවාල ලබා පොලොන්නරුව මූලික රෝහලට ඇතුළත් කර ඇති බව පොලීසිය පවසයි.
තුවාල ලබා ඇත්තේ දම්මින්න හංදිය ගම ප්‍රදේශයෙන් පදිංචි ටී එ් රූප මාලනී (52) කාන්තාව බව පොලිසිය සඳහන් කරයි.
මෙම කාන්තාව නිවස ආසන්නයේ සිටියදී වෙඩි ප්‍රහාරයට ගොදුරු වී ඇති බවද පොලිසිය පවසයි.
වෙඩි ප්‍රහාරය එල්ල කළ සැකකරු බෙහෙත් කොටන තුවක්කුව ද සමග අත්අඩංගුවට ගෙන අැත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒ කාන්තාව වෙඩික්කරුට ඇතින්නියක් වගේ පෙනුනාද දන්නෙ නැහැ. කළු තරබාරු ගැහැනු කෙනෙක් වෙන්ට ඔනෙ.