
(රංජිත් රාජපක්ෂ)
හැටන් කොටගල නගරයේ පිහිටි හින්දු කෝවිලක පැවති පෙරහරට රැගෙන ආ අලියකු කෑම දීමට ගිය තරුණයකුට අලියා පහර දීමෙන් තුවාල ලබා රෝහල් ගත කර ඇතැයි පොලිසිය කියයි.
හින්දු කෝවිලේ පෙරහර අවසන් වි අලියා විවේක ගැනීම සදහා කෝවිලේ පසක ගැට ගසා තිබියදි තරුණයකු අලියාට කෑම දීමට උත්සහ කරන අවස්ථාවේ එක්වරම අලියා තරුණයාට පහර දී ඇත.
අලියාගේ පහර කෑමෙන් තුවාල ලැබූ තරුණයා කොටගල ප්‍රාදේශීය රෝහල වෙත ඇතුළත් කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කැලේ ඉන්න ඕන සත්තුයි, දේශපාලනේ කරන අයවයි විශ්වාස කරන්න එපා කියලා අපේ ආච්චිට එයාගේ කිරිමුත්තා කියලා තියෙනවා...
අනේ! ඒ අහිංසක අලියාට කරදරයක් වෙලා නැහැ නේද..? අතපය හතර හොඳින් තියන ඒ අලියාට බලෙන් කවන්න ගියාම එයා කොතරම් අපහසුතාවයට පත් වෙන්න ඇත්ද? මම නම් අලි පරම්පරාවෙන් ඉල්ලා සිටින්නේ, ගම්වල කෑම වතුර නැතිනම්, ඔබලාට හදවතින්ම ආලේ කරන පිරිසක් නගර වල සිටිනවා, ඒ අයගේ ගෙවල් තුලට පැමිණ ඔබලාගේ කුසගිනි නිවා ගන්න... ඒ වගේම රිලව්, හා දැකුම්කළු මොණර සේනා පැමිණ මේ නගර අලංකාරය කරනවා නම් කොතරම් අගනේද..?