
(ප්‍රභාත් නෙත්තසිංහ, ප්‍රියානි මංගලිකා )
නිකවැරටිය කොටුඅත්තාවල ප්‍රදේශයේ දී වන අලියෙකු ඝාතනය කර පුළුස්සා වල දැමූ බව කියන පුද්ගලයෙකු අත් අඩංගුවට ගත් බව වනජීවී දෙපාර්තමේන්තුව කියයි.
වන සතුන් දඩයම් කිරීම සඳහා යෙදූ විදුලි රැහැනක පැටළී දින කීපයකට ඉහත මෙම වන අලියා මිය යන්නට ඇතයි වනජීවී නිලධාරීහු අනුමාන කරති.
කොටුඅත්තාවල ප්‍රදේශයේ පෞද්ගලික ඉඩමක මියගිය වන අලියාගේ කොටස් පුලුස්සා වළදමා ඇති බවට වනජීවී නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව සිදුකරන ලද පරීක්ෂණ වලදී වළදැමූ සිරුර හමුවී ඇත.
වන අලියාගේ සිරුර වළදමා තිබූ ඉඩම අයිතිකරු ප්‍රදේශයෙන් ඉවත්ව ගොස් සැඳව සිටියදී කුරුණෑගල ප්‍රදේශයේදී අත් අඩංගුවට ගැනීමට හැකිවී ඇත.
වයස අවුරුදු 47 ක තිදරු පියෙකු වන අදාළ පුද්ගලයාට එරෙහිව වන සත්ව සහ වෘක්ෂලතා ආරක්ෂණ පනත යටතේ වනජීවී දෙපාර්තමේන්තුව විසින් නිකවැරටිය මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු පැවරීමට නියමිතය.

COMMENTS
නව නීති ක්රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.