(අංජුල මහික වීරරත්න)

කිරි ගොවියන්ට  නිෂ්පාදන පහසුවෙන් අලෙවිකර ගැනීම සඳහා කිරි එකතු කීරිමේ මධ්‍යස්ථාන හයක් අලුතින් ආරම්භ කිරීමට කෘෂිකර්ම අමාත්‍යාංශය පියවර ගෙන තිබේ. 

මෙම ව්‍යාපෘතිය සඳහා මිල්කෝ ආයතනය හා කුඩා වතු හිමියන්ගේ කෘෂි ව්‍යාපාර හවුල්කාරීත්ව වැඩසටහන (SAPP) රුපියල් මිලියන 18.4ක් වැය කරන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවසීය.

මැදවච්චිය, පුත්තලම, මාතලේ, ගම්පොළ, බණ්ඩාරවෙල හා නාවලපිටිය යන ප්‍රදේශවල මෙම කිරි එකතු කීරිමේ මධ්‍යස්ථාන ඉදි කීරිමට නියමිතය.