(රන්ජන් කස්තුරි)
රටපුරා සියලු පාසල්වල පළමු ශ්‍රේණියේ දරුවන්ට ඉංග්‍රීසි භාෂාව ප්‍රායෝගිකව හැසිරවීම වැඩසටහන අද (30) ආරම්භ කෙරිණි.
එම වැඩසටහනේ සමාරම්භක උත්සවය අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතාගේ ප්‍රධානත්වයෙන් නුගේගොඩ, ගංගොඩවිල සමුද්‍රෙද්වී බාලිකා විද්‍යාලයේදී අද පැවැත්විණි.
ඒ අනුව සියලු රජයේ පාසල්වල පළමු ශ්‍රේණියේ දරුවන් ඉංග්‍රීසි භාෂා භාවිත කිරීමට අවශ්‍ය ප්‍රායෝගික ක්‍රියාකාරකම්වලටත් යොමුකරවන අතර ඉංග්‍රීසි භාෂාව භාවිත කිරීමට අවශ්‍ය ඉගැන්වීම් සිදුකරන බවද අධ්‍යාපන අමාත්‍යංශය සදහන් කරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඈත දුශ්කර පලාත්වල ලමයින්ට ඉංග්‍රීරිසියෙන් තියා සින්හලෙන් උගන්වන්න ගුරුවරු නැති රටක මෙ සැප කොලඹට විතරයි. මෙයාගෙ මම න්ඩියා ජනදිපති වෙලා ඉන්න කලයෙ තමයි කොලඹට කිරි ගමට කැකිරි කියලා කිව්වෙ. මෙ එකෙ පාට් ටූ එක.
විනාශකාරී බණ්ඩාරනායක ප්‍රතිපත්තිය සිදුකල අපරාධය දැන්වත් වෙනස්කිරීම අගය කරන්න ඕන.
උගන්වද්දි හරි උච්චරනය උගන්වන්න. අවශ්ය නම් විඩියො වැඩ සටහන් බලන්නත් කලයක් ලබා දෙන්න. අපේ ලනයි මුලිකව ඉන්ග්‍රිසි ඉගෙනගත්තෙ ටි වි එකෙන්මයි.
පෙර පාසල් දරුවන්ට විනය, හැසිරීම, අනෙකාට උදව් කිරීම සහ අනෙකුත් සමාජමය විනීත ගතිගුණ පමණක් උගන්වන්න. කරුණාකරලා අකුරු උගන්වන්න එපා. පළමු ශ්‍රේණියත් එම විෂයන්ම දිගුවක් කර දෙවෙනි ශ්‍රේණියේ පටන් අකුරු ලිවීම කියවීම පටන්ගන්න. විනයගරුක සමාජයක් හදන්න ඕනනම් වෙන ක්‍රමයක් නැහැ.
මුලින්ම ගුරුවරුන්ගෙ ඉංග්‍රීසි භාෂා නිපුනතාවය ඩියුනු කරන්න.
ඉතාම හොඳ අදහසක්. කරුණාකර මෙය නිසිලෙස කිරීමට හැම දෙනාම සහාය වන්න.
දැන්වත් මේ ගැන සිතා කටයුතු කිරීම සතුටට කරුණක්... ස්වේච්ඡාවෙන් උගන්නන්න ලෑස්ති පුරවැසියන් ලංකාවේ ඕනෑතරම් ඉන්නවා. ඒකට නිසි වැඩපිළිවෙළක් යොදන්න. අපිත් ලෑස්තියි එම කටයුත්තට උදව් කරන්න...