(තුසිත කුමාරද සිල්වා)

මරදාන සිට හික්කඩුව බලා ධාවනය වු සීඝ්‍රාමී දුම්රියටයකට අලුත්ගම ගනේගම දුම්රිය හරස් මාර්ගයේදී අද (10) සවස ත්‍රී රෝද රථයක් ගැටී සිදු වූ අනතුරකින් රියදුරු එම ස්ථානයේදීම මියගොස් ඇති බව අලුත්ගම පොලිසිය පවසයි.

දුම්රිය ගැටුණු ත්‍රී රෝද රථය මීටර් සියයකට වැඩි දුරක් දුම්රිය සමග ඉදිරියට ඇදී ගොස් තිබෙන දැකගත හැකි විය.

ප්‍රදේශවාසීන් පවසන්නේ ගේට්ටුකරුවකු නොමැති මෙම ස්ථානයේ දුම්රිය සංඥා ක්‍රියාත්මක වී තිබියදී  ත්‍රීරෝද රථය දුම්රිය හරස් මාර්ගය පසුකර යෑමට උත්සාහ කිරීමේදී මෙම අවාසනාවන්ත අනතුර සිදුවූ බවයි.