(ඉන්දිකා රාමනායක)
කොළඹ අලුත්කඩේ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු භාණ්ඩ කාමරයේ තිබු පවුම් 49 රණ්කැබලි දෙකක් සහ උණු කළ රන් ගුලියක් සොරා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් විමර්ශන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පවරා ඇති බව පොලිස් ආරංචි මාර්ග පවසයි.
නඩු භාණ්ඩ ගබඩාවේ රන් බඩු සොරාගෙන ඇති බවට එම බාරකරු පසුගිය (1) දින සවස කොළඹ කෙසෙල්වත්ත පොලිසියට කළ පැමිණිල්ලක් අනුව එම පොලිසිය මීට පෙර මෙම විමර්ශන ආරම්භ කර ඇත.
සොරාගත් භාණ්ඩ අතර මාලිගාවත්ත පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබු ග්‍රෑම් 79.80 ක් බර රන් කැබ්ල්ලක්, බොරැල්ල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබු ග්‍රෑම් 104.39 ක රන් කැබැල්ලක්, ග්‍රෑම් 204.24 ක් බර උණුකරන ලද රන් ගුලියක් සොරාගත් රන් භාණ්ඩ අතර තිබු බවට ගබඩා ගබඩා බාරකරු පොලිසිය කළ පැමිණිල්ලේ සඳහන් වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd