IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


අලුත් සන්ධානයක් ගැන හරීන්ගෙන් අනාවැකියක්

(අංජුල මහික වීරරත්න)

තව සතියක් දෙකක් යන්න පෙර එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛත්වය ගෙන සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් කීපදෙනෙකුත් ගෙන ලොකු සන්ධානයක් පිහිටුවන බව සංචාරක හා ඉඩම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පැවසීය.

තමාට  වගේම රනිල් වික්‍රමසිංහ මහත්තයටත් සජබෙ කඩන්න කිසිම උවමනාවක් තිබුණෙ නැතැයි කී හරීන් ප්‍රනාන්දු මහතා තමා ආණ්ඩුවට පැමිණි වෙලාවේ  තව කීපදෙනෙක් අරන් එන්න උවමනාව තිබුණ නමුත් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා එය කරන්න එපා යැයි තමාට පැවසූ බව ද හරීන් ප්‍රනාන්දු මහතා සඳහන් කළේය.

එන්න හදන කට්ටිය ගනිමු යැයි තමා නැවත ජනාධිපතිවරයාට මෑත දිනකදී පැවසූ බව කී හරින් ප්‍රනාන්දු මහතා සමහර මිනිස්සුන්ගේ උන්මාදය වැඩි වී ඇඳුනුත් මසා තිබෙන බව කීය.

බදුල්ල දිස්ත්‍රික් අපේක්ෂක හමුවක් අමතමින් හරින් ප්‍රනාන්දු මහතා මේ බව පැවසීය.



අදහස් (13)

අලුත් සන්ධානයක් ගැන හරීන්ගෙන් අනාවැකියක්

Surain Monday, 27 February 2023 01:32 PM

ඔබ ඕන මඩ බලකායක් මෙහෙයවන චරිතයක්ද කියලා ජනතාව තේරුම්ගෙන ඇත..

:       8       46

pradeep Monday, 27 February 2023 01:37 PM

වාසිය වෙනුවෙන් තමන්ගේ ආත්මය පවා පාවලා දුන් උඹලා වගේ බොරුකාරයන්ට මිනිස්සු රැවටුන කාලය නිම වෙමින් තිබේ

:       8       51

kamal Monday, 27 February 2023 01:38 PM

තාත්තා නේද කෝල් කරලා කිව්වේ?

:       8       53

de silva Monday, 27 February 2023 01:45 PM

ගියවර ලබුන 3% චන්ද පදනමත් ඩියවි ගොස් ජනතා අප්‍රසාදය වැඩි වෙමින් තිබෙන එජාපෙට මන්ත්‍රිවරු ගන්න නම් මෙ අවස්තවෙ රුපියල් කොටි 1000 වත් එකෙනෙකුට ගෙවන්න වෙවි,

:       7       30

රන්ජව් Monday, 27 February 2023 01:56 PM

ලක්ෂ 69 මිනිස්සු ජන්දේ දුන්නේ එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවකට නෙමෙයි. හැබැයි දැන් රට කරන්නේ එජාපය

:       8       43

Hafeel Monday, 27 February 2023 01:59 PM

ඔයා රනිල් එක්ක එකතු වුනේ රට ගොඩ දාන්න නේද. දැන් පාර්ලිමේන්තුවේ 133 සහිත ආණ්ඩුවකුත් තියනවා. ඉතින් ඇයි අලුත් සන්ධානයක්? මහා ලොකුවට කිව්වා නේ රනිල් ආවුත් ඩොලර් ගලා එනවා කියල. කයිවාරු පමණයි. මෙයා දැන් ගම්පහ අත්හැරලා ආයිත් බදුල්ලට ගිහින්. කෙසේවෙතත් ඊළඟ චන්දයේදී කාගෙන් හෝ ලැයිස්තුවෙන් එනවා මිස මෙයාට මහජන චන්දයෙන් එන්න බැහැ.

:       10       40

gamsabaa Monday, 27 February 2023 02:13 PM

ඔය සන්ධානය, හොඳට තදවෙන්න ගහගන්න දෙපරන්ද අස්සේ !!!

:       8       39

sriyal Monday, 27 February 2023 02:26 PM

ඕක හැදුවාට මිනිස්සු රැවටෙන්නේ නෑ....

:       9       31

Deepal Nirosh Monday, 27 February 2023 03:35 PM

හරීන් මැතිතුමා නිවැරැදියි... මොකද අළුත් අළුත් දෑ නොතනන ජාතිය ලොව නොනගියි කියලා අපේ තාත්තාත් කිව්වා...!

:       4       17

podi Hadaya Monday, 27 February 2023 03:46 PM

තාම හොඳ හෝටලයකින් කළේ නෑ වගෙයි... දැන් මීට වඩා කතා පුරුද්ද තහනම් නෙවෙයි වෙන්න ඇති ඕක ඉගැන්නුවේ...

:       3       19

සිල්වා Monday, 27 February 2023 03:52 PM

අත්තෙන් අත්තට පනින කුරුල්ලා තෙමී නසී.

:       4       26

Kumara Monday, 27 February 2023 04:53 PM

බේරෙවැවේ හීන දකිනවා...!

:       4       19

MP Tuesday, 28 February 2023 07:23 AM

මොන සන්ධාන ආවත් කොපි ඔක්කොම එකයි. ඒ කොපේ පැවැත්මට. මිනිසුන්ගේ ජීවිත නැත්තටම නැති කරල. තොපේ සන්වර්ධනය බල්ලට දැපල්ලා. සංවර්ධනය කියන්නේ මිනිසුන් බඩගින්නේ තිබීම ද? තොපේ මහ එකා යන්නේ ඒකාධිපති ගමනක්.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 363 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 221 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1009 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site