(අංජුල මහික වීරරත්න)
තව සතියක් දෙකක් යන්න පෙර එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛත්වය ගෙන සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් කීපදෙනෙකුත් ගෙන ලොකු සන්ධානයක් පිහිටුවන බව සංචාරක හා ඉඩම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පැවසීය.
තමාට වගේම රනිල් වික්‍රමසිංහ මහත්තයටත් සජබෙ කඩන්න කිසිම උවමනාවක් තිබුණෙ නැතැයි කී හරීන් ප්‍රනාන්දු මහතා තමා ආණ්ඩුවට පැමිණි වෙලාවේ තව කීපදෙනෙක් අරන් එන්න උවමනාව තිබුණ නමුත් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා එය කරන්න එපා යැයි තමාට පැවසූ බව ද හරීන් ප්‍රනාන්දු මහතා සඳහන් කළේය.
එන්න හදන කට්ටිය ගනිමු යැයි තමා නැවත ජනාධිපතිවරයාට මෑත දිනකදී පැවසූ බව කී හරින් ප්‍රනාන්දු මහතා සමහර මිනිස්සුන්ගේ උන්මාදය වැඩි වී ඇඳුනුත් මසා තිබෙන බව කීය.
බදුල්ල දිස්ත්‍රික් අපේක්ෂක හමුවක් අමතමින් හරින් ප්‍රනාන්දු මහතා මේ බව පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබ ඕන මඩ බලකායක් මෙහෙයවන චරිතයක්ද කියලා ජනතාව තේරුම්ගෙන ඇත..
වාසිය වෙනුවෙන් තමන්ගේ ආත්මය පවා පාවලා දුන් උඹලා වගේ බොරුකාරයන්ට මිනිස්සු රැවටුන කාලය නිම වෙමින් තිබේ
තාත්තා නේද කෝල් කරලා කිව්වේ?
ගියවර ලබුන 3% චන්ද පදනමත් ඩියවි ගොස් ජනතා අප්‍රසාදය වැඩි වෙමින් තිබෙන එජාපෙට මන්ත්‍රිවරු ගන්න නම් මෙ අවස්තවෙ රුපියල් කොටි 1000 වත් එකෙනෙකුට ගෙවන්න වෙවි,
ලක්ෂ 69 මිනිස්සු ජන්දේ දුන්නේ එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවකට නෙමෙයි. හැබැයි දැන් රට කරන්නේ එජාපය
ඔයා රනිල් එක්ක එකතු වුනේ රට ගොඩ දාන්න නේද. දැන් පාර්ලිමේන්තුවේ 133 සහිත ආණ්ඩුවකුත් තියනවා. ඉතින් ඇයි අලුත් සන්ධානයක්? මහා ලොකුවට කිව්වා නේ රනිල් ආවුත් ඩොලර් ගලා එනවා කියල. කයිවාරු පමණයි. මෙයා දැන් ගම්පහ අත්හැරලා ආයිත් බදුල්ලට ගිහින්. කෙසේවෙතත් ඊළඟ චන්දයේදී කාගෙන් හෝ ලැයිස්තුවෙන් එනවා මිස මෙයාට මහජන චන්දයෙන් එන්න බැහැ.
ඔය සන්ධානය, හොඳට තදවෙන්න ගහගන්න දෙපරන්ද අස්සේ !!!
ඕක හැදුවාට මිනිස්සු රැවටෙන්නේ නෑ....
හරීන් මැතිතුමා නිවැරැදියි... මොකද අළුත් අළුත් දෑ නොතනන ජාතිය ලොව නොනගියි කියලා අපේ තාත්තාත් කිව්වා...!
තාම හොඳ හෝටලයකින් කළේ නෑ වගෙයි... දැන් මීට වඩා කතා පුරුද්ද තහනම් නෙවෙයි වෙන්න ඇති ඕක ඉගැන්නුවේ...
අත්තෙන් අත්තට පනින කුරුල්ලා තෙමී නසී.
බේරෙවැවේ හීන දකිනවා...!
මොන සන්ධාන ආවත් කොපි ඔක්කොම එකයි. ඒ කොපේ පැවැත්මට. මිනිසුන්ගේ ජීවිත නැත්තටම නැති කරල. තොපේ සන්වර්ධනය බල්ලට දැපල්ලා. සංවර්ධනය කියන්නේ මිනිසුන් බඩගින්නේ තිබීම ද? තොපේ මහ එකා යන්නේ ඒකාධිපති ගමනක්.