(ඩයනා උදයංගනී සහ සුජිත් හේවාජුලිගේ)
නව ව්‍යවස්ථාවක් ගෙන ඒමට අවශ්‍ය සුජාතභාවය වත්මන් පාර්ලිමේන්තුවට නැතැයි විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලය හමුවේ අදහස් දක්වමින් අද (11) පැවසීය.
පළාත් පාලන මැතිවරණයේ තීන්දුව අනුව වත්මන් රජයට නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගෙන ඒමේ බලයක් නැතැයි විපක්ෂනායකවරයා සඳහන් කළේය.
එබැවින් වහාම පාර්ලිමේන්තු මැතිවරණයකට ගොස් පක්ෂවල ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා යෝජනා ඉදිරිපත් කර ජනතා බලයක් ලබාගත යුතු බව මහින්ද රාජපක්ෂ මහතා කීවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නියම සුජාත මිනිහ මේ කතා කරන්නේ.
කවුරු සුජාත නැහැ කිවුවත් රට පාවලා දෙන්නේ නැති, රටේ දේවල් කාබාසිනය කරන්නේ නැති, රට බේරගත්තා, රටට දැනෙන්න දෙයක් කරපු, දැනට දේශපාලනයේ ඉන්න කට්ටියගෙන් අංක එක මහින්ද මහත්තයට...
එතකොට ඔබට දිගටම බලයේ ඉන්න 18 වෙනි ව්‍යවස්ථාව ගෙන ඒම සාධාරණද? තනි පුද්ගලයක් වෙනුවෙන් මේ රටේ ව්‍යවස්ථාවක් සම්මත කළ ප්‍රථම අවස්ථාව. ඕක සම්මත කරන්න අත උස්සපු මෛත්‍රි, මහින්ද අමරවීර, මහින්ද සමරසිංග, චම්පික ඇතුළු සමහර මැති ඇමතිවරු පසුව කිව්වා මේකට අකමැත්තෙන් සහයෝගය දුන්නයි කියලා. බලනකොට මහින්ද, රනිල් දෙන්නම රට ගැන හිතල නොවේ ව්‍යවස්ථා සංශෝදන ගේන්නේ... ඔවුන්ගේ වාසියටයි.
පජාත වෙච්ච අය සුජාත භාවය ගැන කතා කරනවා
අපට තියෙන පුදුමය නම්, මෙතුමා වැනි පළපුරුදු වියත් දේශපාලනය දත්තෙකු වන කෙනෙකු මේ කරන ප්‍රකාශය ගැනයි. ඒ වගේම මෙතුමා නීතිවේදියෙක්. ග්‍රාමසේවකවරයෙක් නොවෙයි. රටක මහ මැතිවරණයක බලය හා කාලසීමාව ඊළඟ මහ මැතිවරණය දක්වාම බලපානවා. පළාත් පාලන ඡන්දයකින් කොහොමද කියන්නේ මහ මැතිවරණයක් තියෙන්න ඕන බව. මේවා තමන්ගේ වාසියට කියන පදනම් විරහිත කතා බවයි පේන්නේ. මේවා මේ මෙතුමාගේ කතා නොව උපදේශකවරුන්ගේ ඒවා බවයි පේන්නේ. පෙරරජවරුත් බාලයන්ගේ, මෝඩයන්ගේ උපදෙස් පිළිපැද පිරිහීමට පත් වූ අවස්ථා තිබුණා. බාලයන්, අසත් පුරුෂයන්ගෙන් ඉවත්ව කටයුතු කලොත් ඔබතුමාට හොඳ ගමනක් යන්නට පුළුවන්...
සුජාත නැති පාර්ලිමේන්තුවක, සුජාත නැති ක්‍රමවේදයකින් අගමැති වෙන්න උත්සාහ කලේ මොකද කියලත් ඔය ගමන්ම කිව්වා නම් නේද හොඳ?
සුජාතභාවය මේ රටේ නැති කරපු අයට වහාම..., නීතියට අනුව දඬුවම් දියයුතුයි. නැතිනම් පිස්සන්ට හැතැප්ම නැහැ වගේ දිගටම ඒ විදියටම කරගෙන යනවා..
එතකොට අවජාතක වැඩ කරේ කව්ද ..?
රටවැසි බහුතරය විසිවෙනි සංශෝධනයට විරුද්ධවීම යනු නැවතත් ඔබලාට පක්‍ෂවීම නොවේ. ඔබලාගේ ඇත්තම පාට අපි පසුගිය දිනවලදී දැක්කා. පුතා රජකරවීමේ සිහිනයද දැන් මෙතුළින් ඇදලා ගන්න යන්නේ?
පළාත් පාලන මැතිවරණ තිබිලා දැන් කොපමණ කාලයක් වෙනවද හලෝ? ඊට පස්සේ, මරා-සිරි කියලා හඳපානේ රඟපෑමකුත් කරපු නළුබට්ටන්ද මේ සුජාත භාවයක් ගැන වැදි බණ දෙසන්නේ? මේ ලඟදි නේද විපක්ෂ නායක අසුනේ බලෙන් වාඩි වුනේ? රජය කරන ඕනෑම දෙයකට අකුල් නොහෙලා පාඩුවේ ඔය ආසනේ තව ටික කලක් වාඩි වෙලා ඉන්නකෝ අනේ !
හර්ෂ, පජාත වෙච්ච අය බලන්න ඡන්දයක් තියන්න කියන්නකෝ..!!!
ඔබතුමා කතාකරන්නේ කටින්ද?
දැන් තිබෙන ව්‍යවස්ථාව පිළිගන්නෙත් නැහැ. නව ව්‍යවස්ථාවක් අවශ්‍යත් නැහැලු? මේ සිරි ලංකාව පවුලේ බූදලය වෙනවා ඒ හොඳටම ඇති? ඒකනේ ඔය නොකියා කියන්නේ? දියුණු ජනතාවක් වෙසෙන රටවල පාලකයෝ නම්, රටට යම් සේවයක් කළා නම්, නැවත ඒ සේවය රටෙන්, තමන්ට නැවත බලාපොරොත්තු වන්නේ නැහැ. අහෝ! ඒකටත් එක්ක අපේ රටේ පාලකයෝ..
ජනාධිපති තුමාම කිව්ව අන්දමට මිලියන 100 සිට මිලියන 500 දක්වා සල්ලි දීලත් සුජාතභාවය පිරිපුන් ආණ්ඩුවක් හදාගන්න බැරිවෙච්ච එක ගැන කණගාටුවෙන් කතා කරනවා වගෙයි පෙනෙන්නේ. දැන් ඉතින් "රට දෙකට කඩනවා, ෆෙඩරල් දෙනවා, රණ විරුවෝ දන්ගෙඩියට දක්කනවා" වගේ පරණ බයිලා තමයි නැවත වතාවක් ගහන්න වෙන්නේ...
ලෝකේ තියන තරම් අවජාතක වැඩ කරන කට්ටියට සුජාත කියන වචනයත් සහනයක්. ප්‍රසිද්ධ කසිප්පුකාරයෝ, කුඩුකාරයෝ, ස්ත්‍රී දූෂකයෝ, ළමා අපචාරකයෝ, මත්ද්‍රව්‍ය වෙළෙන්දෝ, කප්පම්කාරයෝ ඉන්න තැන සුජාත නම්... අවජාතක කොතනද?
සුජාත භාවයක් කියනවා ජනාධිපතිවරණයට ලංගමයෙන් ගත් බස්රථවලට මිලියන් 10ක පොල්ලක් තියලා.. රටේ පාලකයෙක් නේද රජයේ සම්පත් ප්‍රයෝජනයට අරගෙන ඒවා නොගෙවා පැහැර හැරලා අනුන්ට ඇඟිලි දිගුකරන්නේ? ලැජ්ජයි ලැජ්ජයි ලැජ්ජයි
රට පෙරට, හලෝ කුහකකම ලෝකෙට පෙන්නන්න එපා. දෙමළට දෙන්න ගිය රට පෙරට ගත්තේ මෙතුමා. මහින්ද 2005 ජනාධිපති නොවන්න රට දෙමළට කියලා තමයි ඔහෙට නමදාගන්න වෙන්නේ... හැබැයි 20 අාවොත් ඔය නම වෙනස් කරගන්න වේවි...
සුජාතභාවය නැති කලේ එතුමායි, ගෝලයොයි.
දැන් තියෙන වෙලාවේ බැලිය යුතු ලොකුම දෙය අලුත් ව්‍යවස්ථාව මොකක්ද කියලයි. රටට වෙන්නේ මොනවද කියලා. අලුත් ව්‍යවස්ථාව ස්වාධීන රජයන් 9 බිහිකරනවාමයි. මධ්‍යම පාලන බලතල නැති කළොත් මෙය සිද්ධ වේ. 225 ට පාලන බලතල දුන්නොත් මොනවගේ කෙනෙකුට පාලන බලතල ලැබෙනු ඇතිදැයි කිව නොහැක. 1977 ව්‍යවස්ථා සංශෝධනයෙන් පසු නුසුදුසු පුද්ගලයින් වඩවඩාත් 225 ට පත්විය. මේ වෙලාවේ අර පනින්න හදන සෙට් එක පැන්නොත් විතරයි 150 එන්නේ. එක වළක්වන එකයි ලොකුම යුතුකම. පස්සේ කණගාටු වෙන්නේ නැතිව මේකට කටයුතු කළ යුතුය.
ඔහේගේ සුජාතභාවය අපි දන්නවා... රටේ ධනය, දේපල හොරා කාපු අය මේ ලෝකෙවත් නැහැ.. පන්සල් ගාණේ මල්වට්ටි ඔලුවේ තියාගෙන රඟන රඟපෑම බොලිවුඩ් නළුවෙකුට බෑ අනේ..
2015 දි පැවති මහා මැතිවරණයෙන් පවතින පාර්ලිමෙන්තුව පත්වුනා කියල අමතකද මන්ත්‍රීතුමනි. පලාත්පාලන මැතිවරණයෙන් පාර්ලිමේන්තුව පත්කරන නීතිය සම්මත කලේ කොයි කාලෙද කියලා කියන්නකෝ ඒ ගමන්ම කියන්නකෝ මේවා අහන්න ඔබතුමාගේ කාලේ කොණ්ඩෙ බැඳපු චීන්නුත් ලංකාවට ගෙනාවද කියලා