
(පද්මා කුමාරී කංකානම්ගේ සහ හිරාන් ප්‍රියංකර ජයසිංහ)
සති අන්ත නිවාඩුව විනෝදයෙන් ගත කිරීමට නව විවාහක යුවළක් ඇතුලු ඥාතී පිරිසක්,ගගේ වාඩිය මෝය කටේ දිය නෑමට ගොස්, මනාළිය අතුරුදන්ව ඇය බේරා ගැනීමට ඉදිරිපත් වූ බාප්පා දියේ ගිලී මිය ගොස් ඇතැයි වනාතවිල්ලුව පොලීසිය කියයි.
මියගොස් ඇත්තේ අතුරුදන්වූ මනාළියගේ බාප්පා වූ එම්.ෆරීන් (42 ) නැමැත්තෙකි. දියේ ගිලී අතුරුදන්වු අෆ්සානා (22) ද තවමත් සොයාගෙන නොමැති බව පොලීසිය කියයි.
මන්නාරම කල්පිටිය වන්නි මුන්දලම මොහොමදියා පුරම් ගමට නොබෝදා කැන්දා ගෙන ආ 22 හැවිරිදි අෆ්සානා,ඇගේ සැමියා සහ ඥාති පිරිස ඩිංගි යාත්‍රාවකින් කල්පිටිය කළපුව ඔස්සේ ගගේ වාඩිය මෝය කටේ දිය නෑමට ගොස් සිටියදී මෙම අනතුරට මුහුණපා තිබේ.
අතුරුදන්ව සිටින අෆ්සානා සොයා ,නාවුක හමුදා ක්ෂණික ක්‍රියාකාරී යාත්‍රා බළ ඝණයේ නාවිකයින් මෙහෙයුම් ක්‍රියාත්මක කොට ඇත.
(ඡායා හිරාන් ප්‍රියංකර)

මියගිය එම්.ෆරීන්

අතුරුදන් අෆ්සානා
2025 නොවැම්බර් මස 04
708
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2375
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1742
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
අලුත් මනාලියත් බාප්පාත් දිය රකුසාට බිලි
Rish Monday, 05 May 2025 01:14 AM
අපරාදේ මේ ජීවිත. රටේ, ලෝකේ යහපතට, අනාගතේට කොයි තරම් ප්‍රයොජනවත් වෙන්න තිබුනද ජීවත් වෙන්න තිබුනා නම්? කමක් නෑ, දිව්‍ය ලොකේ සැපට ඈති, අපිටත් ඒ ඈති!
Perera Monday, 05 May 2025 07:16 AM
මෝය කටේ දිය නාන්න මුන්ට පිස්සුද ?
Bunny Preena Monday, 05 May 2025 11:31 AM
දියේ ගිලීම නිසා සිදුවන මරණ සම්බන්ධව නිතර නිතර අහන්න ලැබෙනවා. නමුත් සිදුවන මරණවල අඩුවක් නැහැ. මිනිස්සුන්ගේ මෝඩකමද? එහෙමත් නැතිනම් පණ්ඩිත කමද?