
(අංජුල මහික වීරරත්න)
මෙවර සීමාවාසික පුහුණුව අවසන් කළ වෛද්‍යවරුන් 453 දෙනකු අතුරින් 435 දෙනකු හෙවත් මුළු පිරිසෙන් 96%ක් පත්වීම් සඳහා සාර්ථකව අයැදුම් කර ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
පශ්චාත් සීමාවාසික වෛද්‍ය පත්වීම් සඳහා අයැදුම්පත් කැඳවීමේ කටයුතු සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් නියම කර තිබූ පරිදි අප්‍රේල් 4 මධ්‍යහ්න 12.00 ට අවසන් කෙරිණි.
මෙම වෛද්‍ය නිලධාරීන් පත්වීම් සඳහා ඉල්ලුම් කර ඇති ආකාරය සහ ඔවුන්ගේ කුසලතා ලේඛනය (Merit List) පදනම් කර ගනිමින් නව රෝහල් සහ සෞඛ්‍ය ආයතන වෙත අනුයුක්ත කිරීමේ කටයුතු ඉදිරියේදී සිදු කිරීමට නියමිතය.
විනිවිදභාවයකින් යුත් විද්‍යාත්මක ක්‍රමවේදයක් යටතේ සිදු කෙරෙන මෙම අනුයුක්ත කිරීම් හරහා දිවයින පුරා පවතින වෛද්‍ය අවශ්‍යතාවයන් සපුරාලීමට අමාත්‍යාංශය අපේක්ෂා කරන බව අමාත්‍යංශය කියයි.
තෝරා ගන්නා ලද අයැදුම්කරුවන්ගේ නාමලේඛනය, ඔවුන් අනුයුක්ත කරන ලද සේවා ස්ථාන, සේවයට වාර්තා කළ යුතු දිනය පිළිබඳ විස්තර ඉදිරියේදී කඩිනමින් ප්‍රකාශයට පත් කරනු ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙතන පොඩි අවුලක් තියෙනවා වගේ පෙනෙනවා. අවුරුද්දට කීදෙනෙක් medical students ල විදියට නොමිලේ ලබා දෙන medical education වලට ගන්නවද ? UGC එකට අනුව 1500ක් විතර. ඉතිරි 1000, කෝ ? තවමත් intern ද නැති නම් ඔවුන් රට දාල ගිහින් ද ? මේ රටේ ඉතා අධික තරඟයකින් තමයි මෙඩිකල් කොලේජ් ගන්නේ, A 3 ගත්තත් යන්න බැරි ළමයි ඉන්දැද්දී ගන්න පිරිසක් , degree එක ගත්තු ගමන් රට දාල යනවා නම් , ඔවුන් නොමිලේ දෙන course එකට සුදුසු නැහැ medical degree එක ගත්ත ගමන් රට දාල යන අය medical collage ගන්න එපා , ඒ අතරම, දොස්තර ලට , අපි පිළිගන්න ඕනේ ඔවුන් දොස්තර කෙනෙක් වෙන්න ගන්න අධික වෙහෙස, රජයේ රැකියාවක් දෙනවා නම් ඔවුන්ට හොඳ ජීවන තත්වයක් ලැබෙන විදියට සලකන්න රජයට ක්‍රමයක් ඕනේ. දොස්තරලත් දැනගන්න ඕනේ අධික බදු ගන්න, මෙඩිකල් ඩිග්‍රී එකට සහ අධ්‍යාපනයට කෝටි ගානක් වැය වෙන රටවල වැටුප් මෙහෙ හොයන එක සාධාරණ නැහැ කියල.
ගොඩක් හොඳයි. හැමෝටම ස්තූතියි.
ඉතිරිය රටේ බදු මුදලින් ඉගෙන ගෙන සැප ගන්න විදෙස්ගත වෙන්නද? ඔවුන්ගෙන් වැයවූ සියලු මුදල් අය කර ගැනීමට කටයුතු කල යුතු නොවේද?