(සුජිත් හේවාජුලිගේ)

කොරෝනා  මර්දන එන්නත්වලට ප්‍රතිචාර නොදක්වන ඒ 30 කොවිඩ් වයිරස ප්‍රභේදය රටට ඇතුළු වීමේ බරපතළ අවදානමක් පවතින බව  මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ  සභාපති උපුල් රෝහණ මහතා පැවැසීය .

ලෝකයේ  කතාබහට ලක්වූ  සියලුම වයිරස මෙරටට පැමිණි  හෙයින්  මෙය පමණක් නොපැමිණේ යැයි සිතිය නොහැකි බවද හෙතෙම සඳහන් කළේය.

ජනතාව සෞඛ්‍යය නීති උපරිමයෙන් පිළිපැදීම මෙම වයිරසය  පරාජය කිරීමට  ඇති එකම සහ  හොඳම  අවිය බවද  ඔහු කීවේය.