(දයාරත්න ඇඹෝගම)

අනුරාධපුර ශික්ෂණ රෝහලේදි අලුත උපන් බිළිදු දැරියක වෙනුවට පිරිමි දරැවෙකු මාරැකළ බව කියන මවක් සැකපිට ඊයේ (05) දින අත්අඩංගුවට ගත්බව අනුරාධපුර පොලිසිය කියයි.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ පදවිය, ශ්‍රීපුර පදිංචි 32 හැවිරිදි මවකි.

අත්අඩංගුවට ගෙන ඇති මෙම මවත් ගලෙන්බිදුණුවැව,තෝඩාමඩුව,සිවලාකුලමේ පදිංචිව සිටින 42 හැවිරිදි මවක් එකමදා අනුරාධපුර ශික්ෂණ රෝහලේදි දරැවන් දෙදෙනෙකු ප්‍රසූත කොට තිබේ.

එම දරැ ප්ර්සුතියෙන් පසුව දරැවන් දෙදෙනාම සුතිකාගාරයේ දරැවන් උණුසුම් කිරිම සදහා එක ස්ථානයේ තබා සිටියදි තමා බිහිකළ පිරිමි දරැවා ගැහැණු දරැවෙකුට මාරැකරන ලද බවට ගලෙන්බිදුණුවැව,තෝඩාමඩුව.සිවලාකුලමේ පදිංචි 42 හැවිරිදි මව විසින් රෝහල් පොලිසියට සිදුකළ පැමිණිල්ල මත වැඩිදුර පරික්ෂණ කටයුතු අනුරාධපුර පොලිසියේ කාන්තා ළමා කාර්යාංශය මගින් සිදුකොට පදවිය,ශ්රීඅපුර පදිංචි 32 හැවිරිදි මව සැකපිට අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලද බව පොලිසිය පැවසිය.

එම මව රැපියල් ලක්ෂයක ශරිර ඇපමත මුදාහැර ඇති අතර වැඩිදුර නඩු විභාගය 2023 මැයි මස 22 දින සිදුකිරිමට නියමිතය.

සිද්ධිය සම්බන්ධයෙන් අනුරාධපුර පොලිසියේ කාන්තා හා ළමා කාර්යාංශයේ ස්ථානාධිපති ප්රකධාන පොලිස් පරික්ෂක එච්.ඩි.ආර්.ඩබ්.බස්නායක මහතා ඇතුළු පොලිස් නිලධාරිහු පිරිසක්  වැඩිදුර පරික්ෂණ පවත්වති.