
(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
2026 වසරේ සිට ක්‍රියාත්මක කිරීමට නියමිත, නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දැනුම්වත් කිරීමේ පළමු වැඩසටහන අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවියගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේ දී අද (11) පැවැත්විණි.
මෙහිදී නව ප්‍රතිසංස්කරණ ගෙන ඒමේ ඉලක්ක සහ අරමුණු, ප්‍රතිසංස්කරණ සඳහා වූ මාර්ගෝපදේශන මූලධර්ම, නව ප්‍රතිසංස්කරණවලට අනුව අධ්‍යාපනයේ ප්‍රධාන කුලුනු, විෂය මාලා ප්‍රතිසංස්කරණය, ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමේ විධිවිධාන සහ ගුරු පුහුණුව යන මූලික කාරණා පිළිබඳව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට අවබෝධයක් ලබාදීම සිදුවිය.
අධ්‍යාපන අමාත්‍යාංශය, ජාතික අධ්‍යාපන ආයතනය සහ ජාතික අධ්‍යාපන කොමිසම මගින් මෙම නව අධ්‍යපන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක වන ආකාරය සහ අධීක්ෂණය වන ආකාරය සම්බන්ධව ද මෙහිදී සාකච්ඡා විය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නිදහස් අධ්‍යාපනය ක්‍රමය රටට ක්‍රියාත්මක කරන්න කන්නන්ගර මැතිතුමා උත්සාහ කරන විට එතුමගේ පක්ෂයේ ම නායකයෝ ඇතුළු බහුතරයක් ඒකට විරුද්ධ වුණාලු, ගහක ගෙඩියක් කඩා ගන්න එකෙක් හොයා ගන්න නැති වෙයි කියලා ! අද වුණත් අලි, පොහොට්ටු, සජබ හවුල මේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වලට බොහෝ විට විරුද්ධ වෙන්න ඉඩ තියෙනවා. ඒ දැනුවත් සමාජයක් තුළ තමන්ට අවශ්‍ය පාක්ෂිකයා හදා ගන්න දුෂ්කර නිසා...! ඒ නිසා මේකට එළිපිට ප්‍රසිද්ධියේ විරුද්ධ වෙන්න බැරි නම් අඩුගානේ තමන්ගේ අනුගාමිකයින් හරහා විරෝධතා පවත්වන්න ඉඩ තියෙනවා..
ප්‍රතිසංස්කරණ අත්‍යාවශ්‍යයි. අගමැතිතුමිය ප්‍රායෝගික නිපුණතා ගැනත් සැලකිලිමත් වෙනවා නම් හොඳයි. ගෘහ විද්‍යාව, කෑම ඉවීම, ආප්ප සෑදීම වැනි...
මේ ආණ්ඩුවට අපි ගොඩක් කැමැති නමුත්, කියපු දේවල් කරන්න. එතකොට තවත් ජනතාව ආණ්ඩුවට ළංවෙයි. 5 ශිෂ්‍යත්වය නැති කරයි කියලා ආසාවෙන් බලන් හිටියා... මේ වෙනසක් දිහාත් අපි බලන් ඉන්නවා.
ඕකෙ තියන දේවල් මොනවාද කියලා හොඳට බලන්න වෙයි. LGBTQ ද කියලා
අගමැතිතුමියනි, ලංකාවේ විශ්ව විද්‍යාලවල තිබෙන පුරප්පාඩු මෙන් 10 ගුණයකට වැඩි සිසුන් ප්‍රමාණයක් අපොස උසස්පෙළට යොමු කරනවා. අවසානයේ මොවුන්ගෙන් බොහෝ දෙනෙක් වසර කීපයක් රැකියාවක් හෝ වෘත්තීය පුහුණුවක් නැතුව නිකරුනේ කාලය ගත කරනවා. අපොස සා/පෙ පසුව උසස් පෙළ කරන සිසුන් ප්‍රමාණය ඉතා සීමා කොට, එම නිසා ඉතුරුවන මුදල් සහ ගොඩනැගිලි ගුරුවරු වැනි සම්පත් යොදවා, ජර්මනියේ ඇති ආකාරයට වසර 3 ක ගුණාත්මක වුර්තිය පුහුණුවක් ලබාදෙන්න කටයුතු කරන්න ආණ්ඩුව සමග ජර්මනිය සමීප සබන්ධතාවයක් තිබෙන නිසා මෙවැනි දෙයකට ජර්මනිය අනිවාර්යයෙන් උදව් කරාවි, ජර්මනියෙන් උපදේශකයෝ ගෙනාවොත් දැනට පාසල්වල සිටින ගුරුවරුන්ට පුහුණුවක් දීලා වුර්තිය පුහුණු මධ්‍යස්ථානවල සේවයට ගන්න පුළුවන්... රටේ නියම පුහුණුවක් තිබෙන වෘත්තීයවේදීන් නොමැතිකම අපේ ආර්ථිකය දියුණු නොවෙන්න ප්‍රබල හේතුවක්.., වුර්තිකයින්ට නිසි පුහුණුවක් නොමැති නිසා විශාල අමුද්‍රව්‍ය ප්‍රමාණයක්.., කාලයක්, මුදලක් නිකරුනේ නාස්ති වෙනවා... පුහුණු ශ්‍රමිකයින් විදේශ රැකියාවලට යොමු කිරීමෙනුත් වැඩි වැටුපක් ලැබෙනවා.
අගමැතිතුමියනි, ඉංග්‍රීසි භාෂාව නූතන ලෝකයට ඉතා අවශ්‍ය වෙනවා. සිංහල, ගණිතයට අමතරව ඉංග්‍රීසි භාෂාවත් 5 වසරේ ශිෂ්‍යත්ව විභාගයට අනිවාර්ය කරන්න...