
(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
රටේ අලි සම්පත කළමනාකරණය කර ගැනීම සඳහා වහාම අලින්ගේ සංගණනයක් සිදු කරන්නැයි කළුතර දිස්ත්‍රික් මන්ත්‍රී අජිත්.පී. පෙරේරා මහතා:-(ස.ජ.බ) පාර්ලිමේන්තුවේදී පැවසීය.
"මේ රටේ අලි මිනිස් ගැටළුව අතිශය බරපතලයි. වගා හානි මෙන්ම ජීවිත හානිද වෙනවා. සමහර ප්‍රදේශවල සංවර්ධනය ඇනහිට තිබෙනවා. මේ රටේ අලි ගහනය පිළිබඳ සංගණනයක් කළ යුතුයි.අන්තිමට සංගණනයක් කළේ 2011 වසරේ.එහිදී අලි 5879ක් හිටියා.අලි සම්පත කළමනාකරණය කර ගැනීම සඳහා අලි සංගණනයක් තවම සිදුකර නැහැ. සංචාරක කර්මන්තයේ සංවර්ධනය උදෙසා මෙන්ම අලි මිනිස් ගැටුම නතර කිරීම සඳහා මාර්ගයක් පාදා ගැනීමට අලි සංගණනය කළ යුතුයි යනුවෙන්ද මන්ත්‍රීවරයා කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලෝකයේ ආසියානු අලි නිදර්ශකය ලෙස ගන්නේ ශ්‍රී ලංකාවේ අලියා, විද්‍යාත්මක නාමයට පදනම් වුනෙත් ලංකාවේ අලියා ලොකයේ ඉන්න වටිනාම සත්ව විශේෂයක්. ශ්‍රී ලංකාවට මිනිස්සු සංක්‍රමණය වෙන්න වසර මිලියන ගානකට කලින් ඉඳන්ම ඉන්න ස්වදේශික ක්ෂිරපායී සත්ව කොට්ඨාශයක්. ඉතින් සංගණනය අනිවාර්ය සාධකයක්....
මේකත් අර රිලා සංගණනය වගේ ධන හානියක් වෙයිද?
ඔය අලි ගණන් කරන සල්ලි වලින් ටික ටික හරි අලි කානුව කපපල්ලා. ඒක සදාකාලික පිළියමක්. වන ජීවිය ඒ ගැන හොඳට දන්නවා. ඒත් කරන්නේ නෑ. ඒකේ නොමිස් නෑනේ...